https://www.gossiplankanews.com/2019/10/nagananda-11-million.html#more
සුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙමින් දූෂිත අධිකරණය දූෂිත දේශපාලනය ආදී මාතෘකා ගැන ආකර්ෂණීය කතා පවත්වමින්
තමා 2020 ජනපති වන බවට තමා විසින්ම ප්‍රචාරාත්මක ව්‍යාපාරයක නියැළුණ නාගානන්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා මේ වනවිට බුද්ධිමතුන්ගේ ඇසට වැලි ගසා මුදල් ගසා කෑවේය යන චෝදනාවට ලක්ව සිටී.
ඔහු මාස කිහිපයක් තිස්සේ ජනපතිවරණයට සූදානම් වන ආකාරයක් පෙන්වා වෙනසක් අපේක්ෂා කළ දෙස් විදෙස් ලාංකිකයින්ගෙන් විශාල වශයෙන් මුදල් එක්රැස් කර තිබෙන අතර එම මුදල මිලියන 11 කට ආසන්න බව වාර්තාවේ.
ඔහු ජනපතිවරණයට ඉදිරිපත් නොවූ පසුබිමක එම මුදල් නැවත ඉල්ලූ අයට ඔහු දැන් පවසන්නේ එම මුදල් සියල්ල වියදම්වී අවසන්වූ කතාවකි. ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම්ද මේ වනවිට පුද්ගලික ඒවා ලෙස වෙනස් කර ඇති අතර

පොදු පාඨකයාට එහි අදහස් දැක්වීම අවහිර කර තිබේ.
ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පවසමින් ඒ සඳහා අවශ්‍ය වියදම් පියවා ගැනීමට මෙම මුදල් එකතු කිරීම සඳහා බැංකු ගිණුමක්ද ප්‍රසිද්ධ කර තිබූ බව හදුනාගන්නට ලැබේ.
එම අංකය සමග විස්තර දක්වා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා දෙස් විදෙස් ජනතාවගෙන් රුපියල් මිලියන 11ක මුදලක් නාගානන්ද කොඩිතුවක්කු එකතු කර ගැනීමට සමත්විය.
ඔහු පවසන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සිටි ‘ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ’ පක්ෂය ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදුන්නේ නැති බවයි.
ඊයේ (07 වැනිදා) මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ තමාට සිදුවූ දේ මාධ්‍ය අමතා ඔහු කියා සිටි අතර මහේෂ් සේනානායක තරගකරු තමා ජනපිතවරණයට ඉදිරිපත්වීම අවහිර කළ බවට චෝදනා කළේය.
 එකතු කළ මුදල් සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කුගෙන් මාධ්‍යවේදීන් කළ විමසුමේදී ඔහු පැවැසුවේ ජනධිපතිවරණ ව්‍යාපාරය සඳහා එක් රැස් කළ මුදල් තමාට ලබාදුන්නේ ඉතාලිය, ස්විට්සර්ලන්තය, එංගලන්තය, ජපානය වැනි විදේශ රටවල්වලින් බවත් සෑම ගෙවීමක්ම විධිමත්ව ලේඛනගත කර ඇති බවත්, එහි සම්පූර්ණ තොරතුරු මහජනතාවට ඉදිරියේදී හෙළි කිරීමට කටයුතු කරන බවත්ය.
කෙසේ වෙතත් ඔහුගෙන් වැඩිදුර කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ඒවා සියල්ල වියදම් වූ බවයි.

රටේ විශාල පෙරළියක් කරනවා කියලා මහා ඝෝෂාවක් කළ ඔබ නාමයෝජනා භාර නොදුන්නේ ඇයි?


මම මේ රටේ තියෙන අන්ත දූෂිත දේශපාලන ක්‍රමයේ ගොදුරක් වුණා. සාධාරණ මැතිවරණයක් පවත්වාගන්න බැරි මැතිවරණ කොමිසමත් මට සිද්ධ වුණ අසාධාරණයට වග කියන්න ඕන. මම නාමයෝජනා නොදී ඉන්න තැනට පත් වුණේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට.

කවුද ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කළ අය?

මහේෂ් සේනානායක ප්‍රමුඛ ජාතික ජනතා ව්‍යාපාරය.

ඔවුන් කොහොමද ඔබට විරුද්ධව කුමන්ත්‍රණයක් කළේ?

මීට කාලයකට පෙර මම ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ෂය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ඒ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. නමුත් අවසාන මොහොතේ ඔවුන් මට කිව්වා ඒ පක්ෂය මට නාමයෝජනා දීමට අකැමැති බව. මේක කළේ තනිකරම ජාතික ජනතා ව්‍යාපාරයේ වුවමනාවට.

මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා ඔබ මුදල් රැස් කළා. ඒවාට මොකද වෙන්නේ?

රුපියල් මිලියන එකොළහක් වගේ එකතු වුණා. ඒවා දැන්වීම් සහ මුද්‍රණ කටයුකුවලට වියදම් වුණා. කීයක්වත් ඉතුරු නැහැ. මම ණයත් වෙලා ඉන්නේ.

ඉදිරි දේශපාලන අරමුණ මොකද්ද?

මේ අන්ත දූෂිත මජර දේශපාලන ක්‍රමය වෙනස් කරන්න මම ඉදිරියේදිත් වැඩ කරනවා.

ඔබ නැවත ඔබ පදිංචිව සිටි එංගලන්තයට යනවද?

මම එංගලන්ත පුරවැසිභාවය අත්හැරල ඉන්නෙ. දැන් මට එහෙට යන්න විදියක් නැහැ. මම මෙහෙම ඉන්නවා.

(සාකච්ඡා සටහන - කලණ වීරසිංහ)