තමා ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ අදහසින් ඇප මුදල් තැන්පත් කිරීමට සිකුරාදා තීරණය කර ඒ වෙනුවෙන් ගමන් කළද සදුදා වනවිට තමාට
ජයග්‍රහණය කරන්නට අපහසු බව තේරුම් යාම නිසා ඒ ගැන වැඩිදුර ක්‍රියා නොකර නාම යෝජනා භාර නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.


ශ්‍රීලනිප ආරක්ෂා කළ යුතුය යන ස්ථාවරයේ තමා දිගටම සිටින බවත් ගෝඨාභය රාජපක්ෂට ශ්‍රීලනිප සහාය ලබාදීමට තමා එකහෙළා විරුද්ධ බවත් ඔහු දන්වා සිටී. හදිසියේ ජනපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප පාවාදී ගෝඨාභය යටතේ කටයුතු කිරීමට තීරණය කරන්නේ නම් තමා කාලයක් යනතුරු දේශපාලනයෙන් සමුගන්නා බවද ඔහු දන්වා සිටී.
සිකුරාදා ඇප මුදල් තැන්පත් කළේ ශ්‍රීලනිප ආරක්ෂා කිරීමට බව පවසන ඔහු නමුත් සදුදා වනවිට තීරණය වෙනස්වූයේ තමාගේ ප්‍රයත්නය නිෂ්ඵල වේයයි හැගුණ නිසා බවත් චමලුත් නම දීලා කොළේ දුන්නෑ මටත් එහෙම කරන්න හිතුණා. මම ගියේවත් නෑ.. යයි කියා සිටියේය.