මෙතෙක් බිහිවූ දක්ෂතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් ගේ බිරිඳ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වේදිකාවට ඊයේ එක්වූ බව වාර්තාවේ.

බත්තරමුල්ල
වෝටර්ස් එජ් හෝටලයේ පැවති වතුකරයේ තරුණ තරුණියන්ගේ ගැටලු ගැන සාකච්ඡා කරන වැඩසටහනකට ඇය මෙසේ එක්විය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ‘වියත්මග’ වේදිකාවට පසුගියදා මුත්තයියා මුරලිදරන්ද එක්විය.

මුරලිදරන් නුවරඑලිය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් දේශපාලනයට පිවිසෙන බවට ගෝඨා හිතවාදී මාධ්‍ය ජාලය පුවත් වාර්තා කර තිබුණි.