දරුවාට මත් වතුර පොවා දරුවා නිදිකරවා අනාචාරයේ යෙදීමට තැත්කළ තිස් හය හැවිරිදි මවක පෙරේදා (16) අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. අම්බලන්තොට නගරයට නුදුරු ස්ථානයක නිවසක
කාන්තාවන් අනාචාරයේ
හැසිරෙන බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිසිය එම නිවස පරීක්ෂා කිරීමේ දී කාන්තාවන් දෙදෙනෙකු හා තවත් පිරිමි පුද්ගලයකු නිවසේ සිට ඇති බව පොලිසිය කියයි.

කුළියට ගෙන ඇති මෙම නිවසේ සිටි එක් කාන්තාවක් තමන්ගේ වයස අවුරුදු අටක පමණ පිරීමි දරුවාට මත් වතුර පොවමින් සිටි හෙයින් එම කාන්තාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවාය. මත්වතුර පෙවී ඇති දරුවා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

තම දරුවාට මත් වතුර පොවා දරුවා නිදිකරවා මෙම කාන්තාව අනාචාරයේ හැසිරීමට මෙය කර ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.  සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරික්ෂණ පවත්වයි. සැකකාර කාන්තාව ඊයේ (17) හම්බන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණී.


-සනත් ගමගේ-