ඉදිරියේදී බලයට පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටත් තමා අපේක්ෂා කරන මහවැලි සහ පරිසර කැබිනට් අමාත්‍ය ධුරය තුළ මනම්පිටිය ප්‍රදේශයේ සිදුකරන මහා පරිමාණ වැලි මාෆියාව නවත්වා එහි ප්‍රතිලාභ පළාතේ ජනතාවට ලැබෙන වැඩපිළිවෙළක් නිර්මාණය කරන බව පොළොන්නරුව දිස්ත්‍රින් පාර්ලිමේන්තු මන්ත්‍රී

රොෂාන් රණසිංහ මහතා පැවසීය.

වැලිකන්ද, මොනරතැත්න ප්‍රජා ශාලාවේදී පෙරේදා (16දා) පැවැති ජනහමුවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ මහවැලි සහ පරිසර සංවර්ධන අමාත්‍ය ධුරය තබාගෙන වසර හතරක් යනකම් පොළොන්නරුවේ වැලි මාෆියාව නතර කර ගන්න බැරිවුණි. ශිමතැන මහා පරිමාණ වැලි ජාවාරමක් වන බව එතුමන් දැන සිටියා.

වැලි ටිපර් එකක් ඉක්මනින් ලබාගෙන කොළඹට යවන රුපියල් 10,000ක අල්ලස් සමහරුන් ගන්නවා.
මේ වැලිවල ප්‍රතිලාභ ප්‍රදේශයේ ජනතාවට ලැබෙන්නේ නැහැ. රුපියල් කෝටි ගණන් දවසට ආදායම් ගන්නවා. වැලි බිස්නස් කරන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ හා ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්. වැලිගොඩදමන කම්කරුවෙකුට කියුබ් එකකට ඔවුන් ගෙවන්නේ රුපියල් 2200යි. ශ්‍රමය සූරා කනවා.ගමේ අපරාධය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට නවතා ගන්න බැරි වුණාට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ මෙම වැලි මාෆියාව මම සම්පූර්ණයෙන් නතර කරනවා.

අද මේ ආණ්ඩුව ගොවියා, කම්කරුවා, ධීවරයා රණවිරුවා අමතක කරලා. වීටික තුට්ටු දෙකට අරං ගොවියා නන්නත්තාර කරලා. රණවිරුවා පාරට බැහැලා අයිතිය ඉල්ලනවා. බඩු මිල අහස උසට නැගලා. අපේ රජයක් යටත් පොහොර සහනාධාරය ගොවියාට නොමිලේ ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වෙලා තියෙනවා.

අද උතුරෙන් බෝම්බ අහුවෙනවා.
දෙමළ ජාතික සංවිධානය උතුරු, නැගෙනහිර පළාත්වල අයිතිය ඉල්ලනවා. රාජ්‍ය ආරක්ෂාව බින්දුවට වැටිලා. සජිත් ප්‍රේමදාස මහතා හීනෙකින්වත් මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වුණොත් අපේ රටේ ජනතාවට දෙයියන්ගේම පිහිටයි. සජිත් වෙහෙර විහාර ටික වේදිකාවේ තියාගෙන හොරු නැති ආණ්ඩුවක් බිහිකරනව කියනවා. මොන කතාද මේවා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කියනවා එයාලට පළිගන්න බැරිවුණා කියලා. එතුමාට ඔනෙත් ප්‍රතිවාදීන්ගෙන් පළිගන්න ආණ්ඩුවක්. අපේ ආණ්ඩුව යටතේ මේ පළාතේ ජනතාවගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරිනවා. අපි කාටවත් ජම්පර් අන්දවන්නේ නැහැ. බැඳුම්කර හොරුන්ට නීතියෙන් පියවර අරං ඒ අයටම ජම්පර් ඇඳගන්න යුගය ආරම්භ කරනවා. වනඅලි ජාතික ගැටලුවටත් ඉක්මන් විසඳුමක් ලබාදීමට කඩිනම් පියවර ගන්නවා යැයිද පවසා සිටියේය.

මනම්පිටිය - නිමල් ඡයරත්න
Email ThisBlogThis!Share to TwitterShare to Facebook