https://www.gossiplankanews.com/2019/10/maithri-story.html
දිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන මහතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නොවැම්බර් මස පළමු සති දෙක තුළදී
ජනාධිපතිවරයා මෙම ප‍්‍රකාශය සිදු කරනු ඇති බවයි.ජපානයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති  ඊයේ (27) රාත්‍රී යළි දිවයිනට පැමිණි අතර මෙම නිල සංචාරයට පෙර අමාත්‍ය සජිත්  ප්‍රේමදාසගේ පාර්ශ්වයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී ඇති බවට ද වාර්තා පළ වේ.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් දා ප‍්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ස්වාධීනව කටයුතු කරන බවයි. ඒ අනුව නිදහස් පක්ෂයේ සභාපතිධූරය ජනාධිපතිවරණය අවසන් වන තුරු මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත පිරිනැමීම ද සිදු විය.

ඉදිරි මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට  ජාතික ලැයිස්තුවෙන් පැමිණ පරිසර  ඇමති ලෙස කටයුතු කිරීමේ ආසාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේනට පවතින බවට මීට කලකට ඉහත අනාවරණය වූ අතර තමන් විශ්‍රාම නොයන බවත් දිවි ඇති තෙක් දේශපාලනයේ නිරතවන බවත් ඔහු පූර්වයෙන් ප්‍රකාශ කර තිබුණි.
ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවට ජනපති ඒක්වනු ඇති බවටද දේශපාලන රාවයක් පැතිර ගියද පොහොට්ටුවේ ප්‍රධානීන් ඒය වළකා තිබූ බවටද ආරංචි පැතිරිණි. හේතුව වූයේ අනපේක්ෂිත හූ හඩක් නැගුණොත් ජනපතිවරයාට ඇතිවිය හැකි ලජ්ජාවයි.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රීගේ මෙවර උපාය ගොඩවල් දෙකම බේරාගෙන ඉදිරියේදී පිළිගත් තනතුරක වැජඹීමය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් සංවිධායකවරුන් සජිත් ට සහය දක්වමින් ඇති බවට ද වාර්තා පළ වේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වන අවස්ථාවේදී එම සභාව ඇමතීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.