හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් යටි අරමුණකින් යුතුව අධිකරණයට පෙත්සම ඉදිරිපත් කොට ඇතිවාක් මිස මහජන අරමුණකින් යුතුව ඉදිරිපත් කොට නැතැයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප
කිරීමට හේතු සඳහන් කර අභියාචනාධිකරණය ඊයේ (15දා) විවෘත අධිකරණයේදී සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු බව කියන ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියනේගොඩ මහත්වරුන් විසින් ගොනුකොට තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අභියාචනාධිකරණය මේ බව සඳත් කළේය.

සිවිල් සමාජ ක්‍රියාකාරී දෙදෙනෙකු බව කියන ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේන්නුවර සහ පුරවැසි බලය සංධානයේසම කැඳවුම්කරු ගාමිණී වියගොඩ මහත්වරු විසින් ගොනු කොට තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුව වශයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක කොමසාජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, රහස් පොලිස් අධ්‍යක්ෂ ශානි අබේසේකර එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරුන් නම් කරනු ලැබ සිටීයහ.

විදානපතිරණ ඇසෝසිස්ටිස් නීතිඥ සමාගම මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇති පෙත්සම්කරු ශ්‍රි ලාංකික පුරවැසිභාවය අතහැර ඇමරිකානු පුරවැසිභාවය ලබාගත් ගෝෂ්ඨාභය රාජපක්ෂ මහතා පසු අවස්ථාවක යළිත් වරක් ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් බවත්, ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තරග කරබව දැනගන්නට ලැබුණු බවත් සඳහත් කරමින් අදාළ පෙත්සම ඉදිරිපත් කොට තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාස්පක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින්, ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා සෞන්දර්ය ශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ තිබ්ණි.

මේ සම්බන්ධයෙන් පැවැති කරුණු විමසීමකින් අනතුරුව මෙම පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්‍ෂේප කෙරුණු අතර, මෙම නියෝගය ලබා දීමට අදාළ වූ හේතු අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසිත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් රීයේ ප්‍රකාශයට පත් කෙරිණි.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු අනුව අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති අවස්ථාවක විධායක ජනාධිපතිවරයා වෙත සියලු බලතල සංකේන්ද්‍රගතව ඇති බැවින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුල්වැසිභාවය පිළිබඳ සහතිකයට අත්සන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ව්‍යවස්ථානුකූලව නීතිමය අයිතියක් ඇතැයි අභියාචනාධිකරණය සඳහත් කළේය.

මෙම පෙත්සම පවත්වාගත යා නොහැකි බවට ගෝෂ්ඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කළද එම සියලු විරෝධතා සලකා බැලීමට අදහස් නොකරන නමුත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට අවසන් මොහොතේදී මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත්, දේශපාලනික අරමුණකින් යුතුව ද්වේෂ සහගතව මෙම පෙත්සම ඉල්පත් කර ඇති බවටත් ඉවත් කළ මූලික විරෝධතාව අධිකරණය පිළිගන්නා බව සඳහන් කළ විනිසුරු මඩුල්ල
මෙම පෙත්සම මහජන උත්තතිය
වෙනුවෙන් නොව, යටි අරමුණකින් යුතුව අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි යන්න අධිකරණයේ මතය බවද සඳහන් කළේය.

පෙත්සමෙහි අත්‍යවශ්‍ය පාර්ශ්වයක් වශයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් නොකිරීම බරපතළ වරදක් බවට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාගේ තවත් මූලික විරෝධතාවක් බවත්, ගෝඨාභය රාප්පක්ෂ මහතාට එරෙහි පෙත්සමෙන් ඉල්ලා සිටි සහන අධිකරණය විසින් ප්‍රදානය කළහොත් ඉන් ඔහුගේ අයිතීන්ට පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද අප්‍රතිකාරී හානියක් සිදුවන බවට වන මූලික විරෝධතාව සැලකිල්ලට ගැනීමේදී වගඋත්තරකරුවන් බරපතළ මඟහැරීමක් සිදු කර ඇති බවත්, ඒ අනුව පෙත්සම නිෂප්‍රභ කළ යුතු බවත් අධිකරණයේ මතය වන බවත් සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩලය සතු සියලු බලතල ක්‍රියාත්මක කිරීමේ බලය අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා සතු වන බව මෙම අධිකරණයේ මතය වන්නේයැයි සඳහත් කළ අභියාචනාධිකරණය පෙත්සම්කරුවන් අධිකරණයට පැමිණ ඇත්තේ අයහපත් චේතනාවකින් යහපත් චේතනාවකින් නොවන  බව අධිකරණයේ මතය වන බවද සදහත් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව පෙත්සම්කරුවන් 2019 අගෝස්තු 06 වැනිදා දැනගෙන ඇති බවත්, ඒ අනුව මෙම පෙත්සම මීට මාස දෙකකට පමණ පෙර ඉදිරිපත් කිරීමට හැකියාව තිබූ බවත්, ජනාධිපතිවරණය ආසන්නයේ මෙම පෙත්සම ගොනු කිරීමට ප්‍රමාණවත් හේතු ඉදිරිපත් කිරීමට පෙත්සම් කරුවන්න් අසමත් වී ඇති අතර, එය ප්‍රමාද දෝශයෙක් බව මෙම අධිකරණයේ මතය බවත් සඳහන් කොට ඇත.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමට තරම් නෛතික පදනමක් නොමැති හෙයින් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට තීරණය කරන බවද නියෝගයක් සඳහන් බවද අධිකරණය දැනුම් දුන්නේය.

- බුද්ධිමාල් රුබේරු