නකල්ස්, පිටවල පතන, පුංචි ලෝකාන්තයෙන් පහළ ප්‍රදේශයේ තිබි මිනිස් අස්ථි කොටස් කිහිපයක්
පෙරේදා 16 සොයාගෙන ඇති බව ලග්ගල පල්ලේගම පොලීසිය පවසයි. මෙලස මිය ගොස් අත්තේ මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ සෙල්වරාජ් සෙල්ව කුමාර් නැමැති තරුණයකු බව හදුනාගෙන  ඇතැයිද පොලීසිය සදහන් කරයි.

අස්ථි කොටස් තිබූ ස්ථානයේ තිබී ජංගම දුරකතනයක්, රියදුරු බලපත්‍රයක්, පාවහන්, ඇදුම් කොටස් අතුළු උපකරණ කිහිපයක්ද සොයාගෙන ඇති අතර එමගින් මියගිය පුද්ගලයා පිළිබඳ තහවුරු කරගෙන ඇත. මෙම තාරුණයා පුංවි ලෝකාන්තයෙන් පහළට පැන දිවි නසා ගන්නට ඇතැයි සැක කෙරෙන
අතර ඔහු එම අස්ථාවට පෙර ජංගම දුරකතනයෙන් ඡායාරූප කිහිපයක්ද රැගෙන ඇති බවද අනාරණය වූ බව පොලිසිය පැවසීය.

පසුගිය (2018) වසරේ ඔක්තොම්බර් 23 වැනිදා මෙම තරුණයාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් අලවතුගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇයිද අනාවරණය කරගත් තොරතුර මත ඥාතින්ට දැනුම් දීමෙන් පසු තරුණයාගේ මව පැමිණ එම භාණ්ඩ අතුරුදන් පුතුගේ  බව ආහවුරු කරගත් බව පොලීසිය සදහන් කළේය.

මියගිය තරුණයාගේ මව පවසා ඇත්තේ නිවසේ ඇති වු ආරවුලක් මත සිය පුතු පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේදී නිවසින් පිටවූ බවත් අනතුරුව ඔහු පිළිබදව කිසිදු තෙරතුරක් සොයා ගැනීමට නොහැකි වීමේන් පොලීසියට පැමිණිල්ලක්ද කළ බවයි. මරණය පිළිබද කිසිදු සැකයක් නොමැති බවද ඇය පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබිණි.

පෙරේදා (15) සවස විදේශීය සංචාරක කාන්තාවකගේ අත්බෑගයක් පුංචි ලෝකාන්තය පහළට වැටීමින් පසු එය නැවත රැගෙන ඒම සඳහා නකලස් අඩවි වන කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනකු පුංචි ලෝකාන්තය පහළ ප්‍රදේශයට බැස තිබේ. බෑගය සොයන විට ඒ අසල තිබි මිනිස් හිස් කබලක් දෑක ඇති අතර ඒ පිළිබදව ලග්ගල පොලීසිය දැනුවත් කිරීමේන් පසු පොලීසිය පැමිණ පරීක්ෂණ අරඹා තිබිණි.

ඒ අනුව සියලූ තොරතුරු අනාරණය කරගත් බව පොලිසිය සඳහන් කළේය. සිද්ධිය වූ ස්ථානයට නාවුල  මහේස්ත්‍රාත්වරයා සහ දඹුල්ල  අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැමිණ පරික්ෂණ සිදුකළ අතර වැඩිදුර පරීක්ෂණ සදහා අස්ථි කොටස් දඹුල්ල මූලික රෝහල වෙත යවා තිබේ.

-දිල්රුක්ෂි ග්‍රේරු-