මෙවර ජනාධිපතිවරණයෙහි ඡන්දය විමසීමේ කාලය පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඒ අනුව මෙතෙක් පැවති පෙරවරු 7.00 ට ආරම්භ වී සවස 4.00 ට අවසන් වූ ඡන්දය විමසීමේ කාලය පස්වරු 5.00 දක්වා දීර්ඝ කෙරේ.

 ඊට අදාළ
ගැසට් නිවේදනය ඊයේ  රාත‍්‍රියේ මුද්‍රණය කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

 මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනකු පෙනී සිටින බැවින් ඡන්ද පත‍්‍රිකාවද අඟල් 22 ක් දක්වා දීර්ඝ කර ඇත. ඒ අනුව ඡන්ද දායකයකුට ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා වෙනදාට වඩා කාලය ගතවන බැවින් ඡන්දය විමසීමේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක් මැතිවරණ කොමිසම විසින් ඊයේ (29)  මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැති ජනාධිපතිවරණ අපේක්‍ෂකයින්ගේ නියෝජිත හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

 ඒ සඳහා සියලූ නියෝජිතයින්ගේ ඒකමතික කැමැත්ත හිමිවී තිබුණි. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් මෙවර ජනාධිපතිවරණයේදී ඡුන්දය විමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා ලෙසට තීරණය කරනු ලැබීය.