හබරණදී ඇතින්නියන් හත්දෙනෙකු මියගොස් තිබෙන්නේ විෂ ශරීරගත වීමෙන් බවට වනජීවී අධක්ෂ ජනරාල්වරයා පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් කර තිබේ.අදාළ වාර්තාව තමන් වෙත ලැබී තිබෙන
බවත්, එම වාර්තාශවේ කරුණු අධීක්ෂණයට වාර්තා කරන බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර මහතා සඳහන් කළේය.විෂක් ශරගත වී තිබෙන බවට තමන් පත්කළ කමිටුවේ. වාර්තාවේ සඳහන් වුවද, අදාළ විෂ වර්ගය කුමක්ද යන්න තහවුරු කර ගැනීමට හැකි වන්නේ රස පරීක්ෂක වාර්තාවට
අනුව බවත්, එම වාර්තා ඉදිරියේදී කැකිරාව අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිත බවත් ඔහු පවසා සිරීය. ඇතින්නියන් හත්දෙනා මියයැම පිළිබඳ කැකිරාව අධිකරණයේ නඩු කටයුත්තක් සිදුවන නිසා තමන්ට ලැබී තිබෙන වාර්තාවේ පිටපතක් අධිකරණයට ලබාද‍ෙන බවත්, වාර්තාව සම්පූර්ණයෙන් කියවා අවසන් වූ පසු දෙපාර්තමේන්තුවක් වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පවසා සිටියේ.හබරණ හිරිවඩුන්න තුම්බිකුලම රක්ෂිතයේ ස්ථාන දෙකක තිබී ඇතින්නියන් හත් දෙනෙකුගේ මළසිරුරු පසුගියදා සොයා ගනු ලැබිණි. මේ පිළිබඳ සොයා බැලීමට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.
   -එච්.අයි. කුමාර-