https://www.gossiplankanews.com/2019/10/gotabaya-son--daminda-manoj-rajapaksa-wedding-day.html
නපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ බිරිය අයෝමා රාජපක්ෂ වන අතර ඔවුන්ට සිටින්නේ එක පුතෙකි. ඇමරිකාවේ පදිංචිව සිටින ඔහු  දමින්ද මනෝජ් රාජපක්ෂයි. 1982 දී උපත ලද දැන් 37 හැවිරිදි වියේ පසුවන දමින්ද
මනෝජ් රාජපක්ෂ කුඩා කාලයේ සිට අධ්‍යාපනය හැදෑරුවේ ඇමරිකාවේදීය. ට්‍රවීක් මධ්‍ය පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු කොවීනා හයි ස්කූල් වෙතින් ද්වීතියික අධ්‍යාපනය ලැබුවේය.
ඔහු ඇමරිකාවේ ඩර්හැම්හි ඩියුක් විශ්ව විද්‍යාලයේ

උසස් අධ්‍යාපනය ලබා මේවනවිට එරට රැකියාවක නිරතව සිටී.
මීට වසර 8 කට පමණ පෙර 2011 ජූලි මස ගෝඨාභය රාජපක්ෂගේ පුතුගේ මංගල්‍යය සිදුවූයේ කොළඹ හිල්ටන් හෝටලයේදීය.  විවාහය වෙනුවෙන් ඔහු ලංකාවට පැමිණෙන විට වත්මන් ජනපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ එවක ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේය.
දමින්ද මනෝජ් විවාහ වූයේ එවක ජනපති ලෙස කටයුතු කරමින් සිටි මහින්ද රාජපක්ෂගේ බිරිය ශිරන්ති මැතිණියගේ ඥාතී දියණියක වීම විශේෂත්වයකි.
දමින්ද මනෝජ්ගේ බිරිය සෙව්වන්දි ලියනාරච්චිය. ඇය චන්ද්‍රා ලියනාරච්චි යුවළගේ දියණියයි.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පාර්ශ්වයේ ඥාති දියණියක වූ නිසා එම විවාහ උත්සවයේ දෙපාර්ශ්වය වෙනුවෙන් අත්සන් තබන ලද්දේ මහින්ද හා ශිරන්තිය. ඔවුන් ඒ දෙදෙනා වෙනුවෙන් අත්සන් තැබීම විශේෂ සිදුවීමක්ද විය.
එම විවාහ උත්සවයේ ඒ දිනවල මාධ්‍ය සඳහා නිකුත් කළ ඡායාරූප කිහිපයක් පහතින් පළවේ.