https://www.gossiplankanews.com/2019/10/gotabaya-padeniya-gmoa.html
ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා රජයේ සේවකයින්ට රාජකාරී වේලාව තුළ දේශපාලන කටයුතුවල නිරතවී නීති උල්ලංඝනය කර ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධානය ඊයේ (27දා) මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් පසුගිය 25 වැනි දින පැවැත්වූ ගෝඨාභය රාජපක්ෂගේ
ප්‍රතිපත්ති මාලාව ඒළිදැක්වීමේ උත්සවයේදී ගෝඨාභය අසළින්ම අසුන්ගෙන ඊට සහභාගි වී තිබෙන බවත්, දේශපාලන අයිතිවාසිකමි නොමැති රාජ්‍ය සේවකයකු දේශපාලන කටයුතුවල නියැළී තිබෙන බවත් පැෆරල් සංවිධානය සහකාර මැතිවරණ කොමසාර්ස්වරයාට ලිඛිතව දන්වා තිබේ. මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග

ගන්නා ලෙසද එහිදී ඉල්ලා තිබේ.
වෘත්තීය සමිති මට්ටමින් හෝ මෙවැනි දෑ සිදුවීම හරහා අනෙකුත් වෘත්තීය සංගම් පවා මෙවැනි දේවල් සිදුකළ හැකි බවද දන්වා ඇත.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පිළිතුරු සපයා ඇති අතර ඔහු පවසන්නේ රටෙි ජනතාව ගැන සිතා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රතිපත්ති යෝජනා කළ බවත් 25 වැනි දින පැවැති රැස්වීමකට මෙසේ  සහභාගි වූයේද ඒම අවශ්‍යතාව සඳහා පමණක් බවයි.
සජිත් ප්‍රේමදාස ගේ ප්‍රතිපත්ති එළිදැක්වීමටද තම නියෝජිතයෙකු එක්වනු ඇති බවද ඔහු කියා ඇත.
මේ පිළිබඳව මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙන අතර, අද (28දා) දිනයේදී සංගමයේ විධායක කමිටුව රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කරන බවද හෙතෙම පවසා සිටියේය.