තමන් වගාළිං වලට ජලමීටර් සවිකරන්න උපදෙස් දුන් බවට වැරදි පුවතක් ප්‍රචාරය කර මඩ ප්‍රචාරයක් දියත්
කිරීමට දෙරණ මාධ්‍ය ජාලය
කටයුතු කර ඇති බවත් දෙරණ ට අයත් අරුණ පුවත්පතේ මෙම අසත්‍ය පුවත පළවූ බවත් දක්වමින්  විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ නඩු මගට එළැඹෙන බවයි.
විශාල වශයෙන් භූගත ජලය රැස් කිරීමට වාණිජ මට්ටමේ කර්මාන්ත ශාලා සතු නළ ළිං භාවිත කරන නිසා ඒ්වා වෙනුවෙන් මීටර් යෝජනා කළද වගාළිං මීට සම්බන්ධ නැති බවත් තමන් නොකී දෙයක් නිර්මාණය කර මඩ ගැසීමට එම කතාව ප්‍රචාරය කර ඇති බවත් ඔහු කියා සිටියේය.