වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ
ජනාධිපතිධුර අපේක්ෂක,
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව අද (12) ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.
70 හැවිරිදි ඔහුට මාස 6 කට පෙර  සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදී සිදු කරන ලද ස්ටෙන්ට් හෘද සැත්කමින් පසු නැවත පරීක්ෂා කිරීම් කිහිපයක් සිදු කළ යුතුවූ නිසා එහි ගොස් තිබුනේ අධිකරණ අවසරයද ඇතිවය.