ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූප ගත් තරුණයකු ඇල්පිටිය තලගස්පේ ඡන්ද මධ්‍යස්ථානයේදි අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසනවා.

පසුව
එම සැකකරු පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදි මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධව ඉදිරියේදී නඩු පවරන බව පිටිගල පොලිසිය පැවසුවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කිරීමට තලගස්පෙ ඡන්ද මධ්‍යස්තානයට ඊයේ (11) සවස 3ට පමණ ගිය තලගස්පේ පදිංචි තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.