ගත වූ පැය 24 තුළ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 106 ක් බව දන්වා තිබේ.

ජාතික මැතිවරණ
පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව හතරකි. නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 45 ක් සහ වෙනත් පැමිණිලි 4ක් සමග මුළු පැමිණිලි 53 ක් එම මධ්‍යස්ථානයට වාර්තා වී තිබෙනවා. මේ අතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි පනස් තුනක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 106 ක්. ඔක්තෝබර් 8 වනදා සිට 11 වනදා දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 375 ක් වනවා. සමස්තයක් ලෙස ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සාමගිමී ලෙස පැවැත්වුනු බවයි පැෆරල් සංවිධානය ප්‍රකාශ කරන්නේ. මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ද සැළකිය යුතු ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා නොවීම අගය කළ යුතු බවයි එම සංවිධානය සදහන් කරයි.