https://www.gossiplankanews.com/2019/10/gota-singing.html#more
සුගිය කාලයේ ජනපති අපේක්ෂකයින් අතරින් වඩාත්ම කැපී පෙනෙන බාහිර වැඩ කරන්න බවට පත්ව සිටියේ සජිත්ය. ෆුට්බෝල් ගැසීම,ඒ දණ්ඩේ යාම, ක්‍රිකට් ගැසීම මෙන්ම ගීත ගායනය හා වාදනයද සජිත් කළේය.සජිත් සමග තරගයේ සිටින ගෝඨාභය රාජපක්ෂද සිය සැගවුණ දක්ෂතා එළියට ගැනීමට
සූදානමින් සිටින බවට අද හෙළි කර තිබේ.
ඒ බව සිය ෆේස් බුක් ගිණුමේ සටහනකින් ඔහු දන්වා තිබේ. ගෝඨාභය මෙසේ කියා තිබේ.


'මිතුරන් සමග ගතකරන සැහැල්ලු සන්ධ්‍යාවක් ගීතයකට තාලය අල්ලමින් ගතකරන්නට මම ඉතා කැමතියි. අපේ තරුණ කාලයේ ඇසූ ප්‍රසිද්ධ ගීත වලට මම ඉතා ඇළුම් කරමි. ඔබ කැමති කුමන ආරයේ ගීතද?'

ඒ ආකාරයට ෆේස්බුක් ෆෑන්ස්ලාගෙන් කැමති කවර ගීතදැයි විමසා සිටි විට ඔවුන් විිවධ ගීත ඔහුට මතක්කර දී තිබෙන අතර නොබෝ දිනකින්ම ගෝඨාභය ඒවා ගයනු ඇති බවට මෙය ඇඟවීමකි.