පසුගියදා අනුරාධපුරයට ගිය ජනපති අපේක්ෂක ගෝඨාභය
රාජපක්ෂ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
වැදපුදා ගැනීමට ගමන් කර පැමිණෙන අවස්ථාවේ ශ්‍රී මහා බෝධියෙන් වැටුණ බෝකොළයක් සාක්කුවේ දමාගෙන පැමිණියේය. එය ඡායාරූප වලද සටහන් විය.
මේ වනවිට එය වැරදි දෙයක් ලෙස ඇතැමුන් සමාජ මාධ්‍ය තුළ පද හදා තිබේ.
ඒ ගැන ඇතිවූ සංවාදද බොහෝය. නමුත් තමන් තුළ පවතින ශ්‍රද්ධාව මත කැමති දෙයක් කිරීමට ඇති නිදහස පෙන්වාදී ඇති ඇතැමුන් එම අදහස් ප්‍රතික්ෂේප කර  තිබේ.