මාර්තු 12 සංවිධානය හා පැෆරල් සංවිධානය විසින් මෙවර ජනපති අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙනවිත්
රටේ ප්‍රශ්න සඳහා ඔවුන්
ලබාදෙන පිළිතුරු කවරේද යන්න පිළිබඳව වන මහජන වේදිකාව වැඩ සටහන අද (05දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැතියේය.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටි ප්‍රධාන අපේක්ෂකයන් වන එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වැඩසටහනට එක්විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම වැඩසටහනට එක්නොවීය.

මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු අවස්ථාව මෙය  වෙයි.