ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යොමු කළ අවබෝධතා ගිවිසුමේ
ඇතුළත් යෝජනා 20 ඒකමතිකව
පිළිගැනීමට පක්ෂය තීරණය කළ බව එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම දන්වා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමට අනුව මෙවර මැතිවරණයේ ලකුණ වෙනස් කිරීමේ ගැටලු ඇති නිසා ඔවුන් පොහොට්ටුවෙන් තරග කරන්නට එකගවූ බවත් ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණින් තරග කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් අපහසුතාවක් පවතින බව අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කළ අවබෝධතා ගිවිසුමේ ඇතුළත් වගන්ති 17 ද රාජපක්ෂ මහතා පිළිගත් බව අලහප්පෙරුම මහතා මෙහිදී සඳහන් කළේ ය.