https://www.gossiplankanews.com/2019/10/father-daughter-mother-court.html
රැකියාවක් කර ස්වාධිනව ජීවත්වීමට තරුණ දියණිය ගත් තීරණයට දැඩිව  විරුද්ධ වෙමින් විවාහවන ලෙස බලකරමින් ඇයට වධ හිංසා කළ බව කියන මවුපිය යුවළකට පැමිණිලිකාර දියණිය පීඩාවට පත්කිරිම සහ ඇය රැඳී සිටින ස්ථානයට යාම තහනම් කරමින් අධිකරණය නියෝගයක්
නිකුත් කර තිබේ.
තමා විදේශයක උසස් අධ්‍යාපනය අවසන් කර 2016 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඉන් පසුව මවුපියන් සහ තමන් අතර අදහස් හා ජීවන විලාශය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර හට ගත් බචක් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.
"අයාලයේ යන ගැහැනියක්, ගණිකාවක්. මැරෙනවා නම් හොඳයි" ආදී වශයෙන් තම මෑණියන් ඇගේ ඥාතීන් සමග එක් වී තමාට නිතරම නින්දා අපහාස කරමින් වාචිකව පීඩා කරන බව ද පසුව පියා විසින් තමා දම්වැල්වලින් බැඳ දමා නිවසේ හිරකර තැබූ බව ද පවසමින් පැමිණිලිකාර තරුණිය අධිකරණයේ ආරක්‍ෂව

ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.
තමාගේ මතකය නැතිවන ආකාරයේ බෙහෙතක් ලබාදෙන ලෙස ඉල්ලමින්ම වුපියන් 2018 අප්‍රේල් මාසයේදී තමා
වෛද්‍යවරයකු වෙත රැගෙන ගිය බවත්, තමන් අඳින පළඳින ආකාරය වෙනස්කර රැකියාවෙන් ඉත්වී ඉක්මනින් විවාහ වන
ලෙස බල කරමින් ඔවුන් මේ සියල්ල සිදුකළ බවත් පැමිණිලිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කර නිබිණි.
තමා රැකියාවේ නියුතු ස්ථානයට පැමිණන පියා කලහකාරි ලෙස හැසිරෙමින්  තම හිතමිතුරන්ට පහර දෙන බවක්. තමාට සහාය දෙන සියලු දෙනාටම නින්දා අපහාස කරමින් ප්‍රචණ්ඩකාරව හැසිරෙන බවත් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා තිබුනේ තමන්ට ස්වාධීනව ජීවත් වීමේ අයිතිය ලබාදෙන ලෙසය.
දෙපාර්ශවයෙන් ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම පැමිණිලිකාරීය ස්වාධීන පුද්ගලයකු බවත්, ඇයට නිදහසේ ජීවත් වීමේ අයිතිය ඇති ඛත් සඳහන් කරමින් ආරක්‍ෂණ ආඥාවක් නිකුත් කළේය.
පැමිණිලිකාර දියණිය තාවකාලිකව පදිංචි යම් ස්ථානයකට ඇතුළු වීම හෝ ඇය පීඩාවට ලක්කිරීම වළකාලමින් ද ඇය රැකියාව කරන ස්ථානයට ඇතුළු වීම වළකාලමින් ද ඇයට සහ ඇයට සහාය

දෙන යම් පුද්ගලයකුට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම වළකාලමින් ද මෙම ආරක්‍ෂණ ආඥාව නිකුත් කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගිය 11 වැනිදා ආරක්ෂණ ආඥාවක් නිකුත් කළේය.
සැප්තැම්බර් මස 12 වැනිදා සිට ඉදිරියට වසරක් බලපැවැත්වෙන පරිදි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය
නිකුත් කරනු ලැබුවේ එම 24 හැවිරිදි තරුණිය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සැලකිල්ලට ගනිමිණි.
මෙම සිද්ධියට අදාළ මවුපිය යුවළ නොතිසි මත අධිකරණයට කැඳ වූ මහේස්ත්‍රාත්වරයා තරුණිය වෙනුවෙන් ආරක්‍ෂණ නියෝගය නිකුත් කිරිමෙන් පසුව ඒ දෙදෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරිර ඇප මත මුදාහැරියේය.

නිමන්ති රණසිංහ