එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමට හා වතුකරයේ ජනතාවට අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කරන සංවර්ධන කටයුතු තව දුරටත් ඉදිරයට ගෙනයාමට අවශ්‍ය
සහයෝගය දිමට ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රබල අධාරකරුවන් පිරිසක් අමාත්‍ය පලනි දිගම්බරම්
මහතා නායකත්වය දරන ලංකා කම්කරු ජාතික පෙරමුණට හා ජාතික කම්කරු සංගමයට එක් වූහ.

නුවරඑළිය දිස්ත්‍රිකයේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රබල අධාරකරුවන් වන එම්. මලර්වාසගමි නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ ලංකා කමිකරු කොන්ග්‍රසයේ හිටපු ප්‍රාදේශෙීය සභා මන්ත්‍රී එන්. විරසාමි යන මහත්වරු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කදුරට සංවර්ධන අමාත්‍යංශයේ දී හමුවී ලංකා ජාතික කමිකරු පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්හ.

අරුණ ඩයස්