ඉදිකිරීම් අවසන් වෙමින් පවතින මත්තල මාතර දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයෙන් දිනපතා වන
අලි රංචු පිටින් අධීවේගී මාර්ගයට පැමිණීම මේ දිනවල සාමාන්‍ය දසුනක් බවට පත්ව තිබේ.

වනඅලි 20ක පමණ රංචුවක් ඊයේ (07දා) අලුයම මත්තල පිවිසුම අසලින් මාර්ගයට පැමිණ සිටි අයුරු මෙසේ දිස්විය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු පිරිස් පවසන්නේ දිනපතා වනඅලි රංචු පිටින් අධිවේගී මාර්ගයට පැමිණෙන බවත් මේ හේතුව නිසා රාත්‍රී කාලයේ අධිවේගී මාර්ගයේ විවිධ ඉදිකිරීම්වල නියැළෙන තමන්ගේ ජිවීතද දැඩි අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති බවත්ය.

ස්ථිර හා ශක්තිමත් අලි වැටක් ඉදිකිරීමෙන් මෙම ගැටලුවට විසඳුමක් ලබා ගත හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

සූරියවැව - නුවන් ජයසේකර