හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින්ම වර්තමානයේ අධිකරණය ස්වාධීන බව පැවසීම පිළිබඳ තමන් සතුටු වන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරුළ මහත්මිය පැවසීය.
අමාත්‍යවරිය මෙම
අදහස් පළ කළේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ජනාධිපතිවරණ ප්‍රධාන කාර්යාලය රත්නපුර වෙරලුප ප්‍රදේශයේදී විවෘත කිරීම් අවස්ථාවට ඊයේ (07) එක්වීමෙනි.  අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරිය වැඩිදුරටත් මෙලෙස සිය අදහස් දැක්වුවාය,
මාධ්‍ය - පක්ෂ අපේක්‍ෂකයෙක් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබා දුන්නා ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මතය කුමක් ද?

‘ඒක අපි පක්‍ෂයක් ලෙස අධිකරණයට ගිය එකක් නෙවෙයි. සිවිල් සංවිධාන ක්‍රියාකාරීකයන් කිහිප දෙනෙක් ලැබුණු තොරතුරක් මත අධිකරණයට ගිහිල්ලා. ඉතින් අද මගේ  වචනෙන්ම යන්න ඕන නැහැ මීට කාලෙකට
අධිකරණයේ ස්වාධීනත්වය සමිපූර්ණයයම විනාශ කරපු මේ රටේ හිටපු ජනාධිපතිවරයා කියනවා නම්, අද අධිකරණය ස්වාධීනයි කියලා ඒක තමයි ලංකාවේ සියලු දෙනාටම බොහොම හොදින් කල්පනා කරලා පිළිගන්න පුළුවන්. ඒක එතුමාගේ කටින් පිටවුණු එක ගැන සතුටු වෙනවා.
මොකද මීට ඉස්ස‍ෙල්ලා 2015 ජනවාරි 08 වැනිදාට පෙර මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය තියා අග්‍රවිනිශ්චයකාරවරයකුටවත් නිදහස් වැඩ කරන්න බැරි තත්වයක් තිබුණා. අද ඒ ගැන එයා එහෙම සන්තෝස වෙනවා නම්, රටේ. ජනතාව සාමාන්‍ය මිනිස්සු නොයෙකුත් විදිහට අසාධාරණියට ලක් වෙච්ච අය මොනතරම් සන්තෝෂ වෙනවා ඇති ද"
මාධ්‍යය - පසුගිය දිනක රූපවාහිනී විවාදයක් තිබුණි ඒකට ගෝඨාභය රාජපක්‍ෂෂ මැතිතුමා ආවේ නැහැ.
"මම අභීයෝග කරනවා.ගෝඨාභය රාජපක්ෂ අපේක්‍ෂකතුමාට මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා නැතිව පුළුවන් නම් කොහේ හරි යන්න කියලා.
වේදිකාවට රූපවාහිනී විවාදයකට එන්න කියලා තනියම. එතුමාට හිටපු ආරක්‍ෂක  ලේඛම් ල‍ෙස විශාල ආරක්ෂාවක් දිලා තියෙනවා. එතුමාට අපි කියන්නේ මහින්ද රාජපක්ෂ නැති වේදිකාවකට එන්න කියලා."
   -නවෝද්‍ය පවනී-