දඹුල්ල මුලස්ථාන පොලීසියේ සේවය කරන නිලදාරියකුට රුපියල් 10,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීමට පැමිණි පුද්ගලයකු මුදල්ද සමඟ පෙරේදා (9දා) පස්වරුවේ දඹුල්ල පොලිසිය තුළදීම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි,
සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අයකු බව පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරිමේදී හෙළි වී ඇත්තේ ඔහු අල්ලස් ලෙස ලබා දෙන්නට තැත්කොට ඇත්තේ අල්ලස් හෝ දූෂණ මර්දන දෙපාර්තමේන්තුවේ නිලදාරීන් විසින් අස්සන් සහිතව ලබා දුන් මුදල් බවය.මත්කුඩු නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගතව  සිටින කැකිරාව  ප්‍රදේශයේ
පුද්ගලයකු බන්ධනාගාරයෙන් මුදා ගැනීම සදහා මෙම මුදල් පොලිස් නිලධාරියාට ලබාදීමට උත්සාහ කොට ඇත.
දඹුල්ල මහේත්ස්‍රාත් අධිකරණය ආසන්නයේදී පොලීස් නිලධාරියකුට සැකකරු පුවත් ලබාදීමට අවස්ථා කීපයක් උත්සාහ කොට තිබෙන බවත් එම පොලිස් කොස්තාපල්වරයා මේ බවද, මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහ මහතාට දැනුම් දී තිබේ.
මුදල් ලබාගැනීම ප්‍රතික්ෂ්ප කරද්දී නැවතත් මුදල් ලබාදීම සඳහා පැමිණි පුද්ගලයා දුඹුල්ල පොළිසිය ඇතුලට පැමිණ  පොලිසිය ඇතුළේදී මුදල් ලබාදීමට උතසහ කරන අවස්ථාවේදී තවත් පොලිස් කණ්ඩායම මොහු මුදල් ද සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.සැකකාර හිටපු සිවිල් ආරක්ෂක සෙබළා
කැකිරාව ප්‍රදේශයේ කාන්තාවකගෙන් රිමාන්ඩ් භාරයේ සිටින එක් කාත්තාවන්ගේ සැමියා මුදාගැනීම සඳහා බව පවසමින් අවස්ථා දෙකකදී පොලීසියට ලබාදීම සඳහා බව පවසා රුපියල් 75,000ක මුදළක් ලබාගෙන ඇති බවත් එම කාන්තාව රැවටීමට උපක්‍රමශීලීව පැමිණිල්ලක් කොට අල්ලස් ලබාදීමට උත්සාහ කළ බවත් හෙළි වී ඇත.
 අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේතුවේ නිලධාරීන් විසින් මෙම පුද්ගලෙයකුහට ලබාදුන් රු.10000ක නෝට්ටු මේ වන ව්ට පොලිස් භාරයේ සිටින බව දඔුල්ල පොලිසිය කියයි. සැකකාර පුද්ගලයා සහ අදාළ මුදල් ඊයේ (10)දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්, පී. එදිරිසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 -දඹුල්ල - කේ.කේ. ආරියදාස-