https://www.gossiplankanews.com/2019/10/26-international-school-student.html
වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට එංගලන්තයට යාමට 18 හැවිරිදි තරුණියකට එරටේ සිටින ඥාතියත් එවා තිබු ලක්ෂ 26 ක පමණ මුදලත් උපක්‍රමශීලි ලෙස පැහැරගෙන යාමට සැලසුම් කළේ  බව කියන එම තරුණියගේ ව්‍යාපාරික පියා බොරලැස්ගමුව
පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබිය. මුදල් පැහැර ගැනීමේ රඟපෑම සඳහා හවුල් වූ බව කියන සැකකරුගේ  හිතවතෙක්ද අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

රඟදැක්වීමක් කර පැහැරගෙන ගියේ යැයි කියන ලක්ෂ 26 ක පමණ මුදල සහිත බෑගය ද එම සැකකරුගේ නිවසේ තිබි පොලිසිය විසින් සොයාගනු ලැබිය. මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු 18 හැවිරිදි තරුණියගේ පියා හිටපු ප්‍රාදේශීය බැංකු කළමනාකාරවරයෙකි.බැංකු රැකියාවෙන් ඉවත්වී ඔහු ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින අයේක් බව

පොලිසිය කියයි.

නුගේගොඩ පොලිස් අධිකාරි (01) රොහාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියංකර සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වා හෙළිකරගෙන ඇති අන්දමට සිද්ධිය බොරලැස්ගමුව පොලිස් වසමේ පදිංචි හිටපු ප්‍රාදේශීය බැංකු කළමනාකාරවරයාගේ 18 හැවිරිදි දියණිය ජාත්‍යන්තර පාසලක ඉගෙනුම් ලබන්නීය.

වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීමට  යාමට ආශාවකින් පසුවන බව එම තරුණිය එංගලන්තයේ පදිංචිව සිටින ඇයගේ සමීපතම ඥාතියෙකුට දුරකථනයෙන් කතා කර දැනුම්දී ඇත. එරටට යාමට විසා ලබා ගැනීමට බැංකු ගිණුමක ලක්ෂ ගණනක මුදලක් තිබෙන බවට ඔප්පු කිරීමට අවශ්‍ය නිසා එතරම් මුදලක් සොයී ගැනීම අපහසු බව තරුණිය ඇයගේ සමිප ඥාතියාට  පවසා ඇති බව කියති.

එම මුදල තරුණියට එවීමට පොරොන්දු වී ඇති ඔහු එංගලන්තයේ සිට මෙරට පැමිණෙන බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි තම හිතවතෙක් මාර්ගයෙන් එම මුදල් (පවුම් නෝට්ටු) එවා ඒ බව ඥාති දියණියට දන්වා ඇත.  තරුණිය එම මුදල් ගෙන ඒමට පියාද කැටිව මෝටර් රථයෙන් බම්බලපිටියේ නිවස සොයාගෙන ගොස් තිබේ.
එංගලන්තයේ සිට පැමිණ සිටි බම්බලපිටියේ පුද්ගලයා හමුවී මෙරට මුදලට හුවමාරු කරගෙන ලක්ෂ 26 ක් බෑගයක බහා ඔවුනට ලබාදී ඇත.  පියා සහ දියණිය එම මුදල් සහිත බෑගය රැගෙන බොරලැස්ගමුවේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ඊයේ දහවල් 12.00 ට පමණ එහි ගොස් තිබේ. බැංකුවේ තැන්පත් කිරීමට ගෙන ගිය ලක්ෂ 26 ක අඩංගු මුදල් සහිත බෑගය බැංකුව ඉදිරිපිටදී යතුරුපැදියකින් ආ පුද්ගලයන් දෙදෙනකු විසින්ම මංකොල්ලකාගෙන ගිය බවට තරුණයගේ පියා බොරලැස්ගමුව පොලිසියට පැමිණිලි කර තිබේ.


ඒ අනුව කොල්ලය සිදුවුවා යැයි කියන බැංකුව ඉදිරිපිට ගොස් පොලිසිය පරික්ෂණ ආරම්භ කරනු ලැබීය. මෙම
බැංකුව ඉදිරිපිට සවිකර තිබූ සී.සී.ටි.වී. කැමරාට් රූප රාමු පරික්ෂා කර බැලිමකිදී 13 හැවිරිදි තරුණියගේ පියා  මුදල් සහිත බෑගය යතුරු පැදියකින් ආ පුද්ගලයකුගේ අතට පත් කරන අයුරු දැක ගැනීමට ලැබුණි යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

මෙය මුදල් කොල්ලකැමක් නොවන බව රූප රාමු පරික්ෂා කර බැලීමෙදී තහවුරු විමෙන් පසු පොලිසිය මේ ගැන පැමිණිලිකරුගෙන් දිර්ඝ වශයෙන් ප්‍රශ්න කිරිමේදී මෙය කොල්ලයක් නොවන බවට කරුණු හෙළිවී තිබෙන බව කියති.  ඒ අනුව පැමිණිලිකරු අත්අඩංගුවට  ගත් බව පොලිසිය කියයි. මුදල් සහිත බෑගය රැගෙන යාමට  බැංකුව ළඟට පැමිණි පුද්ගලයා තරුණියගේ පියාගේ හිතවතකු බවත් ඔහු මුදල් බෑගය රැගෙන තරුණීයගේ නිවසට ගොස් ඇගේ මවට එම මුදල්  බෑගය බාර දී ඇත.

මෙම ව්‍යාපාරිකයා අධික ණය බරින් යුක්තව සිට ඇති අතර එම ණය ගෙවීම සඳහා සිය දියණියට පිටරට සිටින ඥාතියා එවු මුදල් මෙලෙස වංචා කිරිමට උත්සාහ දරා ඇති බව පොලිසිය කියයි. පොලිසිය මෙම පුද්ගලයාද සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-