https://www.gossiplankanews.com/2019/10/aubrey-kuruppu-death.html
ක්‍රිකට් විස්තර කථනය ඉංග්‍රීසි බසින් සිදුකිරීම නිසා ක්‍රිකට් ලෝලීන් කා අතරත් ප්‍රකටව සිටි විස්තර විචාරක ඕබ්‍රී කුරුප්පු මහතා පසුගිය සිකුරාදා ජීවිතයෙන් සමුගත්තේය. මියයනවිට ඔහු වයස 74 පසු විය.
කුරුප්පු මහතා රෝගී තත්වයේ පසු නොවූවෙකි. ඔහු තම දෛනික තේ කෝප්පය පානය සදහා
 උදෑසන රෝයල් මෝල් අවන්හල වෙත යාම පුරුද්දක් කරගෙන සිටි අතර පසුගිය සිකුරාදා ඒ වෙත ගමන් කරමින් සිටියදී  ඇද වැටුණ බවත් පසුව මහනුවර මහ රෝහල වෙත ගෙන ගිය නමුත් එහිදී ඔහු මියගොස් ඇති බව ප්‍රකාශ විය. ශාන්ත තෝමස් විද්‍යාලයේ හා පේරාදෙණි සරසවියේ ආදි සිසුවෙකු වූ

ඔහු 1945 මාර්තු 11 වන දින දෙහිවලදී උපත ලබා තිබුණි.
ඔහු  සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක්, ක්‍රිකට් ලේඛකයෙක්, පරිපාලකයෙක්, විනිසුරුවෙක්, තරග තීරකවරයෙක් සහ ජාත්‍යන්තරව පිළිගත් ක්‍රිකට් විචාරකයෙක් විය.

ඔහු ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර විද්‍යාල වර්ණද ලබා ගත් අයෙකි.ෙ
ඕබ්රි පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන්ද කැපී පෙනුණි.
ඕබ්රි ද දක්ෂ ක්‍රිකට් පරිපාලකයෙකි. මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා වූ ඔහු වසර පහක් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සංචාර සංවිධායක කමිටුවේ සාමාජිකයෙකි. ඔහු විද්‍යාර්ථ විද්‍යාලය සහ ශ්‍රී රාහුල විද්‍යාලය පුහුණු කළ අතර ඔහුගේ එක් නිෂ්පාදනයක් වූයේ අසේල ගුණරත්න ය.
ඕබ්රිගේ පියා සිරිල් කුරුප්පු සහ මව ලින්ඩා විජේසිංහ ය. ඔහුට රසල් නමින් සහෝදරයෙක් සිටියේය.