අකුරණ නගරයට නිරන්තරයෙන් ඇතිවන ගංවතුරෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා නාසා ආයතනයේ සහාය ලබාගනිමින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවත්, ඉදිරි මාසයක් වැනි කාලයක් තුළ එය ක්‍රියාත්මක කරන බවත් අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් මහතා පැවසීය.
.හෙතෙම මේ බව පැවසුයේ පෙරේදා (07දා) අලවතුගොඩ පිහිටි අකුරණ ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි,  පසුගිය පළමුවැනි දින රාත්‍රී කාලයේ අකුරණ නගරය ජලයෙන් යටවීම හේතුවෙන් වෙළෙඳ සැල් 300කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යට වූ අතර, පැය තුනකට වැඩි කාලයක්
ඒ-09 මාර්ගයේ වාහන ගමනාගමනයද ඇනහිට තිබිණි.  පසුගිය 20 වසරක කාලය තුළදී වරකට වැඩි ප්‍රමාණයක් අකුරණ නගරය ජලයෙන් යටවී ඇති බවත්, එමගින් නගරයේ ව්‍යාපාරිකයන්ට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදුව ඇති අතර, ජාතික ආර්ථිකයටද මෙමගින් විශාල අලාභයක් සිදුව ඇති බවත් සභාපතිවරයා මෙහිදී පැවසීය,දේශපාලනඥයන් පසුගිය වසර 20 තුළම ඡන්ද පදනම බලාගෙන දේශපාලන වාසියට ක්‍රියා කිරීම හේතුවෙන් මෙම ගංවතුර ගැටලුවට විසඳුමක් ලබා නොදුන් බවත්, පසුගිය කාලයේ රජයේ ප්‍රබල ඇමතිවරුන් මෙම ගංවතුර තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පැමිණ රැස්වීම් තබා විවිධ පොරොන්දු ලබා දී ගියද ඒවා කිසිවකින් ප්‍රයෝජනයක් නොවූ බවත් ඒ මතතා මෙහිදී පැවසීය. අදාළ කුඩා වැස්සකටත් නගරය ජලයෙන් යටවන බවත්, දේශපාලුනඥයන්ගේ මෙම ක්‍රියාවන් හේතුවෙන් කෙටි කලකින් විසදීමට තිබූ පිළිම ගැටලුව වසර 20කට වැඩි කාලයක් ඇදගෙන පැමිණ තිබෙන බවද ඒ මහතා පැවසීය.  මෙහිදී ඒ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
"මෙය පරිසරයට අපි කරන විශාල වැරැද්දක්. දේශයේ ජනතාවටත් හානියක්, ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් සමිබන්ධයෙන් පුළුල් ලෙස අධ්‍යයනය කර විසඳුම්

යෝජනාවලියක් ඉදිරිපත් කර තිඛෙනවා. එය ක්‍රියාත්මක කළ යුතුව තිබ‍ෙනවා. ඒ  අතර ඇළට දැඩි ලෙස අවහිරව ඇති ගොඩනැගිලි අටක් හඳුනා ගෙන ඇති  අතර, එම ගොඩනැගිලිවල සැලසුමට පිටින් ඉදි කර ඇති කොටස් ඉවත් කිරීම් සිදු කළ යුතුයි. මීට අමතරව මෙයට දීර්ඝ කාලයකට පෙර ඉදිකර ඇති පාලම්  හතරක් හඳුනාගෙන ඇති අතර එම පාලම්ද කඩා අලුතින් අදට ගැළපෙන ආකාරයට නව පාලම් ඉදිකළ යුතුයි.  නමුත් මේ සදහා ප්‍රාදේශීය සභාවක්  වශයෙන් අපට ප්‍රතිපාදන දෙන්නෙත් නෑ.රේඛිය අමාත්‍යාශ ඇවිත් බලල ගියත් ඔවුන්  අපට ප්‍රතිපාදන දෙන්නෙත් නෑ. ඒ  ගොල්ලෝ කරන්නෙත් නෑ. , ඒ නිසා අපට  පුළුවන් විදිහට යම් දෙයක් කරන්න ඕන කියල අපි හිතනවා. මෙහි ප්‍රධානම අංගයක් ලෙස ගංවතුරක් ඇති වූ විට  එයින් ඇති වන හානි වළක්වා ගැනීම සඳහා
 'නාසා ආයතනයේ සහායෙන් ගංවතුරක් ඇතිවන බව කලින්  හඳුනාගෙන ජනතාවට පණිවිඩයක් ලබාදිය හැකි ක්‍රමයක් හඳුන්වා දීමට අපි පියවර ගනිමින් ඉන්නවා. තව මාසයක් වැඩි කාලයක් තුළ එය කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අකුරට  කාලගුණික තත්වයන් දැනුම් දිය හැකි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමත් අපි කටයුතු කරමින් සිටිනවා. සාමාන්‍යයෙන් පැය තුනක කාලයක් මිලී මීටර් 40ක වර්ෂාපනයක් අකුරණට ලැබුණත් අනිවාර්යෙන්ම නගරය ජලයෙන් යටවන  බව සමීක්ෂණයකින් හෙළි කරගෙන තියෙනවා."  මෙම මාධ්‍ය හමුවට අකුරණ ප්‍රාදේශීය සභාවේ උපසභාපති සරත් අමරකෝන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.
 -මහනුවර - මොහොමඩ් ආසින් -