පාසල් ශිෂ්‍යාවන් 7 දෙනෙකු අපයෝජනය කළැයි සැකකාර විදුහල්පති රිමාන්ඩ් කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් පාසලක ශිෂ්‍යාවන් 7 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එහි විදුහල්පතිවරයා අද (09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නාවලපිටිය වැඩබලන මහේස්ත්‍රාත්
එස්.මාලගෙදර මහත්මිය නියෝග කළාය. 56 හැවිරිදි සැකකරුවෙකු මේසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරීණි. සැකකාර විදුහල්පතිවරයා එම පාසලේ අට වසර ශිෂ්‍යාවන් දෙදෙනෙකුට, 9 වසර ශිෂ්‍යාවන් තිදෙනෙකුට හා 10 වසර ශිෂ්‍යාවන් දෙදෙනෙකුට මෙසේ වන් වර ලිංගික අතවර කළැයි චෝදනා එල්ල වී ඇත,
සිද්ධිය සම්බන්ධයෙන් කොත්මලේ පොලීසියට ලැබී තිබුණු පැමිණිලි අනුව පෙරේදා (07දා සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු නාවලපිටිය අධිකරණයට වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙම පාසලේ විදුහල්පතිවරයා දිය කාලයක් තිස්සේ ශිෂනාවන්ට වන් වර ලිංගික හිරිහැර සිදුකර තිබුණද එය හෙළි වී නොමැති අතර පසුගිය (28දා එක් ශිෂ්‍යාවක් සැකකාර විදුහල්පතිවරයාගේ ලිංගික අතවරයට ලක්වීම පිළිබඳ අනෙක් ශිෂ්‍යාවන්ට පැවසීමෙන් පසු ඔවුන් විසින් ගුරුවරියන්ට සිද්ධිය පිළිබඳ පැමිණිලි කිරීමෙන් පසු සිද්ධිය පිළිබඳ අනාවරණය වී තිබේ.

 ඒ අනුව කොත්මලේ පොලීසියට මෙවැනි පැමිණිලි 7ක් ලැබීමත් සමග එම ශිෂ්‍යාවන් රෝහල් ගතකොට එම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාර විදුහල්පතිවරයාගේ බිරිද මෙම පාසලේම සේවය කරන අතර වරක් ශිෂ්‍යාවන් පිරිසක් මේ බව ඇයටද පවසා ඇතත් ඇය එය ප්‍රතික්ෂේප කොට ඇති බවද වාර්තා වෙයි. මීට අමතරව කොත්මලේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ද සිද්ධිය පිළිබඳ පරික්ෂණයක් අරඹා ඇති අතර සැකකාර විදුහල්පතිවරයා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග පවසයි. කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො. පරික්ෂක එච්.ඒ. ප්‍රේමලාල් , කා,පො. කො. දුලීකා, පො.කො. රුවන් යන නිලධාහූ සිද්ධිය පිළිබඳ වැඩිදුර ප ණ සිදුකරති.

ගම්පොළ - සුරංග දිල්හාන්