ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ස්ථාවරය අද (09) ප‍්‍රකාශයට පත් කළා.
ඒ මේ වන විට එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවදීයි.
එහිදී සඳහන් කෙරුණේ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයත් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බවයි.

නිමල් සිරිපාලද සිල්වා මේ බව අනාවරණය කළා.

මෙහිදී කොන්දේසි කිහිපයක් යටතේ අදාළ සහයෝගය ලබා දෙන්නට කටයුතු කර ඇති බවත් ඉදිරි මැතිවරණවලදී පුටුව ලකුණෙන් තරග කරන්නට කටයුතු කරන බවත් සඳහන් කළා. ඒ සඳහා නමක් ද යෝජනා කර ඇති බවත් එය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බවත් පෙන්වා දුන්නා.

    කොන්දේසී අතර
    කැබිනට් මණ්ඩලය උපරිම 30
    සියලුම අමාත්‍යාංශ සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරිම සහ ඒවා ක්‍රියාවට නැංවිම,
    සැමට එකසේ ක්‍රියාත්මක වන නීති පද්ධතියක් සැකසීම

ආදිය ඇතුලත්. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එක්ව කටයුතු කරනවා යැයි මහින්ද අමරවීර කියා සිටියා.