https://www.gossiplankanews.com/2019/10/77-german-lady-sri-lanka.html
 හැත්තෑහත් වතාවක් මෙරටට පැමිණි ජර්මන් ජාතික කාත්තාවක් කොග්ගල බීච් හෝටලයේදී පසුගියදා අපට හමුවිය. ඇය එම්. මර්සානා නමැති ජර්මනියේ වහාපාරික කාන්තාවකි.

කොග්ගල වෙරළ තීරයට මෙන්ම මෙරට පරිසරයට දැඩි ඇල්මක් දක්වන බවත්, මෙවර සිය මුණුපුරා සමග මෙරටට පැමිණි බවත් මරියානා අප හා පවසා සිටියාය.

ඇය සිය මතකයන් අවදි කරමින් වැඩිදුරටත් පවසා සිටියේ,
"මම ලංකාවට ගොඩක් ආදරෙයි. කොටින්ම කිවිවොත් ලංකාව තමයි මගේ දෙවැනි නිවහන. වසරකට දෙවතාවක් අනිවාර්යයෙන්ම මෙරටට පැමිණනවා. කොග්ගලට තමයි එන්නේ. මුලින්ම මම ලංකාවට ආවේ මගේ මහත්තයාත් එක්ක. ඔහුත් සමග වාර කිහිපයක් මෙරටට ආවා. දැන් ඔහු හද රෝගයකට ගොදුරු වෙලා අසනීපයෙන් තමයි ඉන්නේ.

මහත්තයා ඉංජිනේරුවරයෙක්. පසුගිය දෙතුන් වතාවේ මහත්තයා ලංකාවට ආවේ නැහැ. මේ වතාවේ මම ආවේ මගේ මුනුපුරු සමග. ඇත්තටම ලංකාව කියන්නේ ලස්සන රටක්. මේ රට් ඉන්න මිනිසුන් හරි මිත්‍රශීලී, ප්‍රියමනාපයි. මෙරට පරිසරයට, වෙරළ තීරයට සොබා සෞන්දර්යට මම ගොඩක් කැමතියි. කොග්ගල බීච් හෝටලයට මම ගොඩක් කැමතියි. ආරක්ෂිත ස්ථානයක තමයි පිහිටලා තියෙන්නේ. වෙරළ තීරයත් ආරක්ෂිතයි. පිරිසුදුයි.ඒ නිසා තමයි කොග්ගලට එන්න පුරුදු වෙලා ඉන්නේ.මේ හෝටලයේ කාර්යමණ්ඩලයත් ඉතා හොඳයි.

පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙරත් මෙම වර්ෂයේදී මම ලංකාවට ආවා. මේ අවුරුද්දේ දෙවැනි  වතාවට තමයි ලංකාවට ආවේ. පාස්කු ප්‍රහාරයන් පසු ගොඩක් විදේශීය සංචාරකයන් යන්න ගියා. නමුත් මම ගියේ නැහැ. ජර්මනියේ සිට ආපු විදේශීය සංචාරකයන්ටත් මම කිවුවා යන්න එපා කියලා. ඔය වගේ සිද්ධින් හැම රටකම සිදුවෙනවා. මගේ කීම අහලා ඇතමුන් ගියේ නැහැ. ඔවුන් පැමිණි කාලයම මෙරට ගත කරලා යන්න ගියා. දැන් දැන් විදේශීය සංචාරකයන් මෙරටට පැමිණියනවා. ලංකාවේ ජනාධිපතිවරණයක් තිබුණත් ඒ ගැන අපේ අවධානයක් නැහැ. ඇත්තටම ලංකාව සංචාරය කිරීමට සුදුසු රටක්.

මේ වතාවේ සති තුනක් මා ලංකාවේ ගත කරනවා” යනුවෙනි.

ඇයගේ මුනුපුරා වන මාකෝ ජර්මනියේ කාර්මික  විද්‍යාලයක ඉගනුම ලබන අතර, මාකෝ හය වතාවක් මෙරටට පැමිණ ඇත. ඔහු මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළේය.
"ඇත්තටම ලංකාව ලස්සන රටක්. කොග්ගල වෙරළ තීරය ඉතා දැකුම්කළු ස්ථානයක්. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් ආකර්ෂණීය ස්ථාන තියනවා, ලංකාවේ සංචාරය කරන්න මම ගොඩක් කැමතියි. මේ රටේ තියෙන සුන්දරත්වය ගැන අපි අපේ හිතවතුන් දැනුවත් කිරීමට කටයුතු කරනවා. මේ හෝටල් කළමනාකරු ලියනගේ මහත්තයා ඇතුළු කාර්යමණ්ඩලය ඉතා ප්‍රියමනාප පුද්ගලයන්."

කොග්ගල බිච් හෝටලයේ කළමනාකරු පත්මසිරි ලියනගේ මහතා මේ පිළිබඳ අප කළ විමසීමකදී පවසා සිටියේ, "සංචාරක සමය ලබන මාසයේ ආරම්භ කරනවා. තවම ඒ තරම් විදේශීය සංචාරකයන්ගේ පැමිණීමේ ලොකු වර්ධනයක් සිදුවෙලා නැහැ. ලබන මාසයේ විදේශීය සංචාරකයන් පැමිණවි කියලා අපේ බලාපොරොත්තුවක් තියනවා. පාස්කු ප්‍රහාරයෙන් පසු කඩාවැටීමට ලක් වූ සංචාරක කර්මාන්තය තවම හරිහැටි යථා තත්ත්වයට පත්වෙලා නැහැ. මරියානා අපේ හෝටලයට තමයි එන්නේ. මේ වනවිට ඇය 77 වතාවක් පැමිණ තියෙනවා. ඇය මෙරට සංස්කෘතියට ගොඩක් කැමතියි" යනුවෙන්.

ජිනේෂ් නානායක්කාර