තමන් යටත් බිහිකරන රජයක් තුළින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව ජාතික වැඩපිළිවෙළ සඳහා අදාළ වගකීම් දැරීය හැකි සුදුසුම මන්ත්‍රීවරුන් අමාත්‍යංශ සදහා පත්කර කැබිනට් මණ්ඩලයේ සංයුතිය නිවැරදිව
සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය. හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෙද වෘත්තිකයන් සහ ඒ මහතා අතර කොළඹදී පැවැති හමුවකදීය.
වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය අදාළ අංශවල එකඟතාවෙන් පසුව ගැසට් කරනු ලබන බවද පැවසූ ඒ මහතා,
වෛද්‍ය සභාව,සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මුදල් පරිහරණය මෙන්ම වෛද්‍යවරු සඳහා ලබාදෙන ශිෂ්‍යත්වයද දේශපාලන බලපෑම්වලින් නිදහස් කරන බවද අවධාරණය කර සිටියේය.මෙම හමුවේදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ ගෝෂ්ඨාභය රාජපක්‍ෂ මහතා,
"වෛද්‍යවරුන් ඇතුළු ක්‍ෂේත්‍රයේ සෞඛ්‍ය වෘත්තිකයන් ස්ථානගත කිරීම, වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි අවස්ථා මෙන්ම උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම ආදී කටයුතු දේශපාලන බලපෑම්වලින් සම්පූර්ණයෙන්ම නිදහස්
පුළුල් කිරීම ආදී කටයුතු දේශපාලන බලපෑම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. විශේෂයෙන්ම වෛද්‍ය සභාව වැනි වැදගත් ආයතන දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නැහැ. එම ආයතනවල ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීමක්ද ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, උසස් අධ්‍යාපනය සදහා වූ ශිෂ්‍යත්ව දේශපාලන බලපෑම්වලින් මුදවා ගන්නට ක්‍රියා කරනවා.පුළුල් කිරීම ආදී කටයුතු දේශපාලන බලපෑම්වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. විශේෂයෙන්ම වෛද්‍ය සභාව වැනි වැදගත් ආයතන දේශපාලනීකරණය වීමට ඉඩ තබන්නේ නැහැ. එම ආයතනවල ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීමක්ද ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, උසස් අධ්‍යාපනය සදහා වූ ශිෂ්‍යත්ව දේශපාලන බලපෑම්වලින් මුදවා ගන්නට ක්‍රියා කරනවා.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ අදාළ අංශ සමග එකඟතාවකට පැමිණීමෙන් පසුව ගැසට් කිරීමට කටයුතු කරනවා. වසර 30කට වඩා පැරණි වෛද්‍ය ආඥා පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒත් කාලීන අවශ්‍යතාවක්. නිදහස් සෞඛ්‍ය සැබැවින්ම නිදහස් වීය යුතුයි. තමන්ගේ මූලික සෞඛ්‍ය පහසුකම් සඳහා ජනතාවට මුදල් වියදම් කරන්නට සිදුවෙනවා නම්, එය නිදහස් සෞඛ්‍ය සේවයක් වන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ රජයේ මුදල් පරිහරණය වන ආකාරය ගැන හොඳින් සොයා බැලිය යුතුයි. මුදල් වැය කළ යුත්තේ මහජනතාවගේ යහපත සඳහායි. නාස්තිය සහ අවභාවිතය පාලනය කළ යුතුයි. ජනතාවගේ යහපත සදහා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ වැය කරන්නට අවශ්‍ය මුදල් ප්‍රමාණය වැඩි කළ යුතු නම් එය කරන්නටත් අපි සුදානම්.
ඖෂධ මාෆියාවෙන් සහ ඒකාධිකාරයෙන් රට නිදහස් කර ගැනීමට නම් සේනක බිබිලේ ප්‍රතිපත්තියේ සැබෑ මූලික සංකල්පය පදනම් කරගත් ඖෂධ ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි.
නිසි ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ පමණක් නියාමනය කිරීම තුළින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් රට තුළ තහවුරු කිරීමට කටයුතු කරනවා. දුම්වැටි හා මද්‍යසාර හරහා ලැබෙන බදු මුදල මත රඳා නොපවතින ආර්ථිකයක් අපි ගොඩනගනවා. ආහාර සුරක්ෂිතභාවය ජාතික ආරක්ෂාවටත් ඉතා වැදගත්. ඒ නිසා කෘෂිකර්මාන්තය ගොඩනැගීම තුළින් දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම මෙන්ම විදේශීය කිරිපිටි ඇතුළු අනෙකුත්  ආහාර ආනයනය සම්බන්ධයෙන් සෘජු තීන්දු තීරණ ගැනීමට පසුබට වෙන්නේ නැහැ.ඉදිරීයේදී බිහි කරන රජයක් තුළින් ක්‍රියාත්මක කිරීමට නියමිත නව ජාතික වැඩපිළිවෙළ සඳහා අදාළ වගකීම් දැරිය හැකි සුදුසුම මන්ත්‍රීවරුන් ඒ ඒ අමාත්‍යාංශවලට පත් කරනවා. නව රජයේ කැබිනට් මණ්ඩලයේ සංයුතිය නිවැරදී ලෙස සකස් කිරීමටත් බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද පැවසිය.

නිදර්ශනී වික්‍රමසිංහ