https://www.gossiplankanews.com/2019/10/5-13-tna-proposal.html
දිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින සජිත්ට හෝ ගෝඨාභයට සිය ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත්තේ රටේ දෙවන විශාලතම ජනවර්ගය නියෝජනය කරන දෙමළ ඡන්ද කවුරුන් වෙනුවෙන් ලැබේද යන්නය.
මේ දක්වා මුණිවත රකිමින් සිය ගනුදෙනුව වෙනුවෙන්
කල්මරමින් සිටි දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් වි  සිටින සියලුම අපේක්‍ෂකයන්ට භාරදීම සඳහා  සී.වී.විග්නේශ්වරන්ගේ පක්ෂය ඇතුළු  උතුරේ දෙමළ දේශපාලන පක්‍ෂ 4 ක් හා එක්ව පිළියෙල කරන ලද යෝජනාවලි  සන්දේශයක් අත්සන් කොට ඊයේ භාර දෙන ලද බව වාර්තා විය.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂය, ප්ලොට්, ටෙලෝ හා දෙමළ ජාතික ජනතා පෙරමුණ හා සී.වී.විග්නේශ්වරන් මහතාගේ දෙමළ ජනතා සන්ධානය ඊට අත්සන් තබා ඇත.
කරුණු 13 කින් යුක්ත මෙම යෝජනා අතිශය විවාද සම්පන්නය.
දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි.

1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.
2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.
3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.
4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.
5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.
6. උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.
7. උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.
8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.
9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.
10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.
11. උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.
12. උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.
13. උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.