නව ජනාධිපතිවරයකු දිවුරුම් දුන් වහාම අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය අහෝසිවීම සමාන්‍යයෙන්
සිදුවන දෙයක්
යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කොළඹදචී ඊයේ (15) පැවසීය.කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්‍ෂ නායකවරයා මේ බව කීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා නව ජනාධිපතිවරයකු පත්වූ වහාම අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය අහෝසි වන බවත් ඉන්පසු අලුත් අගමැතිවරයකු හා අලුත් ඇමැති මණ්ඩලයක් පත්කරගත යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්වන බවත් කීවේය. 'කෙසේ වුවද එය සාමාන්‍ය දෙයක් ඒ නිසා අපි ඒක ඒ වෙලාවට බලාගනිමු” යැයිද  ඔහු කීය.


-නාලක සංජීව දහනායක-