මන්ත්‍රීවරුන් 77 දෙනකු ඉකුත් වසර තුනේ දී මැතිසබේ දි ඇමැතිවරුන්ගෙන් එකම ප්‍රශ්නයක්
හෝ අසා නැතැයි පාර්ලිමේන්තුවෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.  මේ අතර පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් සිවු
දෙනකු 2017 සිට 2019 මේ දක්වා වසර තුනකට ආසන්න කාලයේ පැවැති විවාදවල දි එකම වචනයක් හෝ කතා කර නැතැයි පවසන එම වාර්තාව ඉහත කාලයේ පාර්ලිමේන්තු විවාදවල දී දස වතාවකට අඩුවෙන් කතා කළ මන්ත්‍රීවරුන් ගණන 46කැයි සඳහන් කරයි.

විවාදවල දී අඩු දායකත්වයක් දැක්වුව ද මේ මන්ත්‍රීවරුන් දිනපතා පාර්ලිමේන්තුවට පැමිණ ආහාරපාන, ඖෂධ ඇතුළු අනෙකුත් පහසුකම් සියල්ල ලබාගෙන තිබිණෑයි කියති. මේ අතර මැතිසබයේ 2017-2019 අතර කාලයේ  දි අවස්ථා තුනකදි ගණ පූර්ණය නැතිවී ඇතැයි පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරයි.

-සුජිත් හේවාජුලිගේ-