ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා
දුම්රිය සේවය එක් ව
ක්‍රියාත්මක කරන ”කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ (colombo suburban Railway Project) "රාගම සිට මරදාන දක්වා ඇති ත්‍රිත්ව දුම්රිය මාර්ගය, මාර්ග හතරක් දක්වා වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ වී ඇත.
ඒ අනුව කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප‍්‍රදේශයට අයත් පට්ටිය උතුර, පැලියගොඩ පට්ටිය නැගෙනහිර, පට්ටිය බටහිර, වනවාසල නැගෙනහිර, හුණුපිටිය දකුණ, වෙලේගොඩ හා හුණුපිටිය උතුර යන ප්‍රදේශවලට අයත් දුම්රිය මාර්ග රක්ෂිතයේ හෝ දුම්රිය මාර්ගය සතු ඉඩම්වල 2019.07.31 දිනට පසු කරන ඉදිකිරීම් හා අලුතින් පදිංචි වීම් සඳහා නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා දන්වා ඇත.

කැලණිය - කලිඳු පන්සිළු