කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල කොළඹ දිස්ත්‍රික්කය කුළ රුපියල් 240 කින්ද කොළඹින් පිට රුපියල් 251 කින්ද අද (9) මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකිරිමට පාරිභෝගික අධිකාරිය අද (4) තීරණය කළේය.

කැබිනට් නොවන
මහජන බෙදාහැරීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂ ද සිල්වා දන්වා ඇත්තේ ජීවන වියදම පිළිබඳ කැබිනට් අනු කමිටුව විසින් තීරණය කර තිබෙන නව මිල සූත්‍රයක් ලෙස මේ ආකාරයට කලාප දෙකක් තුළ මිල අඩුවීම් සිදු කරන බවයි එම කමිටුව විසින් ගෘහස්ත ගෑස් මිල තීරණය කිරීම සඳහා නව මිල සුත්‍රයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබු අතර ඒ අනුව මෙම වෙනස සිදුව ඇත.
මේ අනුව දැනට රුපියල් 1676 ක් ලෙස පවතින ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිළ කොළඹට රුපියල් 1436 හා පිට  රුපියල් 1425 දක්වා අඩුවනු ඇති.
මෙම වෙනස ලාෆ්ස් ගෑස් සඳහා අදාළ නැත.