ජාතික හැදුනුම්පත් නොමැති පුද්ගලයින් සඳහා හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරිමේ වැඩ පිළිවෙළක් ජනාධිපතිවරණය වෙනුවෙන් ආරම්හ කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාරේතමේන්තුව පවසයි. හැදුනුම්පත් නොමැති ඡන්ද දායකයන් වෙතට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා නිලධාරින්
විසින් අදාළ ඉල්ලුම්පත් සකසා

දෙපාර්තමේත්තුවට ඉදිරිපත් කළහැකි බවත් සාමාන්‍ය පරිදි ඉටුකරන සේවාවට අමතරව ඒ සඳහා විශේෂ කවුළු කිහිපයක් විවෘත කර ඇති බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ඊයේ (3) පැවසිය..

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් කර ඇති සමීක්‍ෂණයකට අනුව දිවයිනේ ජාතික හැදුනුම්පන් නොමැති සංඛ්‍යාව ලෙස ලක්ෂ 5ක් බවට ගණන් බලා තිබේ.කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා කල් ඇති බැවින් අදාළ ඉල්ලුම්පත් ඉදිරිපත් කිරිමට අවස්ථාවට ඇතැයිද ලැබෙන පිළිවෙල හා සාමාන්‍ය ක්‍රමයටේදයට අනුව හැදුනුම්පත් නිකුත් කරන්නේ යැයිද ඒ මහතා කීය..
එදින හදිසි අවශ්‍ය ඇති ඉල්ලුම්කරුවන්ට එක්දින සේවාව මගින් හැඳුනුම්පත්  ලබාගැනීම සඳහා පහසුකම් සලසා ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි. ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකළපුව ඇතුළු ප්‍රාදේශීය කාර්යාල මගින්ද අදාල සාමාන්‍ය සෙිවාවන් ලබාගත හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය කාර්යාලයෙන් පමණක් එක්දින සේවා ලබාගත හැකිය.
  (ජයන්ත සමරකෝන් සහ හසිත රංග ගුණතිලක)