https://www.gossiplankanews.com/2019/10/150-100-sb-speaks.html
ට ස්වයංපෝෂිතව ගොඩ නැගීමටනම් ශක්තිමත් .කෙලින් තීරණ ගන්න ක්‍රියාත්මක කරන නායකයෙක් අවශ්‍යය බව පා.ම එස්.බී දිසානායක පවසයී.
මන්ත්‍රිවරයා එසේ පැවසුවේ පෙරේදා (12) දා  කොත්මලේ ප්‍රදේශයේ ජන හමුවක් අමතමින්ය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.
“මේ රට මේ සුද්ධ භූමිය එදා මහින්ද රාජපක්ෂ මහතා අතට ගියා වගේ
අද මේ රටේ ආර්ථිකය ශක්තිමත්.ස්ථාවර කිරිමට නම්.ඉක්මනින් නැගිටවලා ඉදිරියට ගෙනියන්නනම් සෘජු තීරණ ගන්න නායකයෙක් ඕන වගේම අගමැති ජනාධිපති රන්ඩු වෙන්නැති.ගොම්පොර දාගන්නැති දෙන්නෙකුත් අවශ්‍ය යී.ඒකට අද අපිය ලැබිලා තියෙන දේව වරප්‍රසාදය තමයි මහින්ද ගෝඨා සුසංයෝගය.”

“අපිට ඇල්පිටිය ඡන්යට කලින් එ ජා ප මන්ත්‍රිවරු ඇවිත් කිව්වා පුළුවන්නම් ගිය වතාවට වඩා ඡන්ද සියයට 57 කට වඩා අරන් පෙන්වන්න කියලා.හැබැයී ඒ මැතිවරණ ප්‍රතිඵලයේ සියළුම ආසන පොදුජන පෙරමුණ දිනනවා.ඡන්ද 58.2 ගන්නවා.ශ්‍රිලනිපය ඡන්ද 5000 ත් එකතු වුනාම 69.9% යි.” දැන් ඒ  ඡන්ද ප්‍රතිඵලය අනිත් පැත්තට කියනවා.

එවා නිකං ගොං කතා.එවා අහන්න අපිට කුර 150 ක් අං 100 ක් විතර තියෙන්න ඕන.මේ රටේ ඡන්ද කලාව හැමදාම යන්නේ එක විදියකට.ඒ නිසා ඒ  ප්‍රතිඵලයේ ජනාධිපති මැතිවරණයේ ප්‍රතිඵලය පෙන්නනවා.

රටක සංවර්ධනයට .රටක් පොසත් රටක් කරන්න.සෘජු දැක්මක් තියෙන.එඩිතරව තීන්දුව තීරණ ගන්න පුළුවන් .නොසැලි ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයෙක් ඕන.එහෙම නැත්නම් ඒ රටවල් කඩාගෙන වැටෙනවා.

මම ඔබ තුමන්ලගෙන් අහන්න කැමතියී මේ අපේක්ෂකයෝ දෙන්නා ගැන.ගොඨාභය රාජපක්ෂ මැතිතුමා යුද්ධය වෙලාවෙත් නිවැරදි දැක්මක් තියාගෙන කතා කලා.ඒ පිළිබදව ලියවුන පොත් වල මනාව පෙන්නුම් කරලා තියෙනවා.ඒ වගේම මම උසස් අධ්‍යාපන ඇමති.ඔහුට ඒ පිළිබඳවත් ඉතාම නිවැරදි දැක්මක් තිබුනා.රටේ ආර්ථිකය ගැනත් දැක්මක් තිබ්බා.රටේ ඔනෑම ප්‍රශ්නයක් සම්බන්ධවම ඉක්මනින් සංවේදී වෙනවා.හැම ප්‍රශ්නයක් ගැනම ඔහුගේ මතය පැහැදිලිව කියනවා.

 ඔබතුමාලා හොයල බලන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා අවුරුදු 18ක් පාර්ලිමේන්තුවේ .අධ්‍යාපනය ගැන වචනයක් කියලා තියෙනවද .රටේ ආර්ථික සංවර්ධනය ගැන වචනයක් කියලා තියෙනවද.ඔහු කෘෂිකර්මාන්තය ගැන

මොනව හරි දෙයක් කියලා තියෙනවද කියලා හොයලා බලන්න.වතුකරයේ වැවිලි කර්මාන්තය ගැන වචනයක් කියල තියෙනවද.මේ මුස්ලිම් අයට කරදර වෙන වෙලාවට ඒ ගැන වචනයක් කියලා නෑ.කියන්න බෑ එයා දන්නේ නෑ.

මේ සියලු දේනාටම ශ්‍රි ලංකා භූමියේ සාමයෙන්.මරණ බය නැතුව .ආරක්ෂා සහිතව.දුප්පත්කමෙන් මිදුන සංවර්ධිත රටක් කරා මේ රට ගෙන යන්න ගොඨාභය රාජපක්ෂ .මහින්ද රාජපක්ෂ මේ සුසංයෝගට ඡන්දය දෙන්න.අපි එකතුවෙලා අපේ ලෙයින් .දාඩියෙන් මේ දවස් ටික කැප කරලා අපේ ආදරණීය නායක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරලා.මහින්ද රාජපක්ෂ මේ රටේ අගමැති කරලා ශක්තිමත් ආණ්ඩුවක් හදමු.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බන්ඩාර ඉලංගන්තිලක)