මෙවර ජනපතිවරණයේදී ටැමිල් මක්කල් විදුතලයි පුලිකල් හෙවත් ටීඑම්වීපී සංවිධානයේ සහාය ගෝඨාභය
රාජපක්ෂ වෙත
පිරිනමන බව අද නිවේදනය විය. හිටපු නැගෙනහිර මහ ඇමති සීඑම්එස් චන්ද්‍රසේකරන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වය දරන මෙම පක්ෂය මින් ඉහත මැතිවරණ සදහාද ඉදිරිපත්ව ඇත. ඝාතන සැකකරුවෙකු ලෙස පිල්ලෙයාන් සිරගතව 2015 සිට සිරගතව සිටි කාලයේ 2018 පැවති පුංචි ඡන්දයේදී ටීඑම්වීපී ඡන්ද 42000 ක් ලබාගෙන තිබුණි.