බත්තරමුල්ල සෙත්සිරිපායේ ගොඩනැගිල්ලක12වන මහලේ සිට ඇද වැටි එහි සේවකයෙක් අද (07) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
ඔහු ඉහළ සිට වැටෙද්දී 3වන මහලේ ඇති එළිමහන්  කොටසේ රැදී ඇති අතර ඇද වැටිමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව
ඇත්තේ වයස අවුරුදු 52 වන මාදිවෙල, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිය සේවකයෙකි.

අද උදැසන 7.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මීට පෙර අවස්තාවකදී ද මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලක සිට මෙම ස්ථානයට ඇඳ වැටී සේවකයෙකු මිය ගිය අතර ඒ වායුසමීකරණ සේවා සැපයීමට පැමිණි බාහිර පුද්ගලයෙකි.