ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර
දිසානායක

මෙවර ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින්නේ
ජාතික ජනබල ව්‍යාපාරය වෙනුවෙනි. සංවිධාන රැසක එකමුතුවක් ලෙස ඔහුගේ ඉදිරිපත්වීම සිදුවන අතර ඒ නිසා ඔහුට සීනුව ලකුණින් තරග කරන්නට හැකියාව නැත.
අසද මැතිවරණ කාර්යාලයේදී අනාවරණයවූ පරිදි ඔහුගේ සලකුණ වනු ඇත්තේ මාලිමාවයි.
මාලිමාව ලකුණ යටතේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරගවැදීමට අනුර කුමාර මහතා ඒ අනුව සූදානම් වනු ඇත.