මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සෑම මසකම 10 වනදා සිදුවන අතර අද ඔක්තෝබර් 10 වනදා ඉන්ධන මිල
සංශෝධනයක් සිදු
නොවනු ඇති බව රජය දන්වා සිටී.
මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඉන්ධන මිල කමිටුව රැස්වූ බවත් ලෝක වෙළද පළෙහි ඉන්ධන මිල පහළ යාමක් මිස ඉහළයාමක් මේ දිනවල දක්නට නැති නිසා මෙම තීරණය ගත් බවත් ආරංචිවේ.
කෙසේ වෙතත් නිල නොවන ආරංචි හෙළි කරන්නේ 2019 නොවැම්බර් 10 ඊළග මිල සංශෝධනය ජනපතිවරණය ආසන්නේ පැවතීමත් එහිදී දේශපාලන අවාසි නොවන්නට සැලකිය යුතු ප්‍රමාණයකින් ඉන්ධන මිල එදිනට පහත දැමීමේ අදහසකින් අද වෙනසක් නොකර සිටි බවත්ය.