අද (1) සිට ලබන ඔක්තෝබර් මස 31 වැනි දා දක්වා යාල ජාතික වනෝද්‍යානය වසා තැබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
එහි ප්‍රචාරක නිලධාරි
හසිනි සරත්චන්ද්‍ර මහත්මිය සඳහන් කළේ, වියළි කාලගුණය හේතුවෙන් සහ වනෝද්‍යානයේ නඩත්තු කටයුතු හේතුවෙන් එලෙස යාල වනෝද්‍යානය වසා තැබෙන බවයි.
මේ අතර දීපව්‍යාප්තව සිදු කරන වන අලි සමීක්ෂණයක් නිසා ලබන 13 වැනි දා සිට 15 වැනි දා දක්වා සියලුම ජාතික උද්‍යාන වසා තැබෙන බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා තිබේ.