ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය හැටියට සැලකෙන 'විෂම භාග'  චිත්‍රපටයේ මංගල දර්ශනය  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඇස්ටර් තියටර් සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්විණි.
එක්දහස් පන්සියයකට අධික ‌ප්‍රේක්ෂක පිරිසක් මීට එක්වූහ.
ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂමභාග ශ්‍රද්ධා රූපවාහිනී රූපවාහිනියේ ප්‍රථම සිනමා නිෂ්පාදනය යි. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ලැබෙනා ලාභය වකුගඩු රෝගය පැතිර පවතින ප්‍රදේශවල ජල පිරිපහදු මධ්‍යස්ථාන තනවනු පිණිස ක්‍රියාත්මක වන 'පිවිතුරු පැන් පූජා' පුණ්‍ය ව්‍යාපෘතියට පරිත්‍යාග කරනු ලබයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය
(KUAA ) මෙල්බර්න් නුවර මෙම මංගල දර්ශනය සංවිධානය කොට තිබූ අතර ඒ සඳහා කැලණි විශ්ව විද්‍යාලයේ උප කුලපති  මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය පැට්‍රික් රත්නායක,
 විෂමභාග අධ්‍යක්ෂ ලලිත් රත්නායක,  ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී, විෂම භාග කැමරා අධ්‍යක්ෂණය කළ පාලිත පෙරේරා, අධිනීතීඥ සුදත් ජයසුන්දර ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ විෂමභාග සිනමා කෘතියේ සිනමා ශිල්පීන්ට එම සම්මාන ඕස්ට්‍රේලියා රජයේ මහජන ආරක්ෂාව, රේගු සහ බහු සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ‌ජේසන් වුඩ් ( Jason Wood) ‌ගේ සුරතින් පිරිනැමීම ද ‌මෙහි දී සිදු විණි.  

හරින්ද වෑවල - ‌මෙල්බර්න් සිට