ඊයේ 31 වන දින සවස 6.30 ට පමණ බොරලැස්ගමුව පොලිස් වසමේ දෙහිවල මහරගම මාර්ගයේ දේවාලමුල්ල ප්‍රදේශයේදී දෙහිවල දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ
යතුරු පැදියක ගැටී
කාර් රථය පලා ගොස් ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු සහ පසු පැදිකාරිය කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකරු මියගොස් ඇත. තුවාලකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පුද්ගලික රෝහලක් වෙත මාරු කර යවා ඇත.
මරණකරු. වයස අවුරුදු 24ක් වූ අංක 41, හේවා හැට පාර, ගලහ ලිපිනයේ පදිංචි අන්දුල් ජම්බාර් මොහොමඩ් යන අය වේ.
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සිදුකළ කාර් රථ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.