https://www.gossiplankanews.com/2019/09/watawala-mother-murder.html#more
ටවල පොලිස්‌ වසමේ විග්ටන් වතුයායේ මරා වළ දමා තිබූ බවට සැකකරන මළ සිරුරක්‌ ඊයේ (13 වැනිදා) දින ගොඩගන්නා ලදී.
 විග්ටන් වතුයායේ වයස අවු. 83 ක්‌ බවට සැකකරන
රාගෙයි වල්ලි යන කාන්තාවක්‌ දැනට දින කිහිපයක සිට අතුරුදන්ව සිට ඇත. මේ පිළිබඳව කරන ලද පරීක්‍ෂණවලදී මෙම කාන්තාව මියගොස්‌ ඇති බවත් එම දේහය මිහිදන් කිරීම සඳහා මුදල් නොමැති බැවින් එම දේහය ඇයගේ පුතා විසින් කැලයේ දැමීමට ගෙන ගොස්‌ ඇති බවටත් තොරතුරු අනාවරණය විය.

 මම වෘයෝවෘද්ධ කාන්තාව ඉකුත් 9 වැනිදා නිවසේදි මියගිය බවත් ඇගේ පුතා තමාට අවමගුල් කටයුතු සිදු කිරීමට මුදල් නොමැති බව පවසා සිරුර කැලයකට ගෙ ස් දමන බව පවසමින් එය රැගෙන ගිය බවත් ලේලිය විටවල පොලිසියට ප්‍රකාශයක් දී තිබිණි. මෙම එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් පරික්ෂණ පැවැත් වූ
පොලිසියේ නිලධාරින් මියගිය කාත්තාවගේ 8 හැවිරිදි බාල මුණුපුරාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමේදී ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තම පියා සහ අයියා පොල්ලකින් පහර දි පුටුවක ගැටී ගැසූ බවත්, ඇයගේ දෑස්වලින් සහ මුහුණත්
ලේ ගැලීමෙන් අනතුරුව පියා ආචිචිව උරයක දමාගෙන රැගෙන ගිය බවය. එම ප්‍රකාශය අනුව
පොලිසිය ලේලිව මුලින්ම සැකපිට අත්ඩංගුවට ගෙන ඇය සමග කොළඹ ප්‍රදේශයට ගොස් සැගවි සිටි සැමියා සහ වැඩිමල් පුතා පෙරේදා (12) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගත් පුතාගෙන් දිර්ඝ වශයෙන් ප්‍රශ්න කිරිමේදී තම මවගේ සිරුර නිවස පිටුපස අතහැර දමා ඇති වගා ළිඳකට දමා වසා දැමූ බව පවසා තිබේ.


 ඒ අනුව ඊයේ 13 වැනිදා හැටන් වැඩ බලන දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් සංජීව ෙµdන්සේකා මහතා ඉදිරියේදී එම දේහය ගොඩ ගැනීම සිදු කෙරිණි.

 මේ පිළිබඳව කරන ලද විමසීම්වලදී අදහස්‌ දැක්‌වූ එම වතුයායේ කිහිප දෙනකුම පවසන ලද්දේ මෙම වයසක කාන්තාව අසනීප තත්ත්වයෙන් පසු වූ බවත් ඔහුගේ පුතා බව පවසන අය ඔහුගේම පුතකු නොවන බවත් එම පුද්ගලයා කුඩාම අවධියේ අදාළ කාන්තාව වෙනත් අයකුගෙන් අරං හදා ගත් දරුවකු බවත්ය.

 එමෙන්ම මෙම කාන්තාව කාලයක්‌ පුරාම විවිධ ස්‌ථානවල සේවය කරමින් මෙම පුත්‍රයා හදා ගැනීමට දැඩි වෙහෙසක්‌ ගත් බවත් එම පිරිස පැවැසූහ. එසේ දුක්‌ මහන්සියෙන් හදාගත් මෙම වයසක කාන්තාව රෝගාතුර වූ පසුව ඇය පදිංචිව සිටි නිවස ඉදිරිපිට පොලිතින් ආවරණය කරන ලද කුඩා පැලක දමා තිබූ බවත් එම පිරිස්‌ වැඩිදුරටත් පැවැසූහ.

ගොඩගන්නා ලද මළ සිරුර අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සඳහා දික්‌ඔය දිස්‌ත්‍රික්‌ මූලික රෝහල වෙත ගෙන ගොස්‌ ඇත. මේ පිළිබඳව වටවල පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

හැටන් මනුර - සුදත් සෙල්ලහේවා