බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකුටියක රඳවා සිටින කරීපානි ඉම්රාන් ඊයේ (13) උදෑසන සිට ආහාරගැනීමේන් වැළකී සිටින බව බුස්ස බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
කෘංජීපානි ඉම්රාන්ට් ලබාදීම

සඳහා ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු පිරිසක් ගෙන ආ ජංගම දුරකථන දෙකක්, චාජර් බන්ධනාගාර නිලධාරින් පෙරේදා (12) සොයාගැනීමෙන් පසු ඔවුන් අත්අඩංඟුවට ගැනීම පිළිබඳව විරෝධය පළකරමින් මෙම රැඳවියා ආහාර වර්ජනය ආරම්භ කර ඇත. මෙම රැඳවියාගේ ආරක්ෂාවට එහි සිටි බන්ධනාගාර නිලධාරින් මගින් බුස්ස සහකාර බන්ධනාගාර අධිකාරි පුලින කරුණාරත්න මහතාට දෑවිමෙන් පසු රැඳවියා මම ආහාර වර්ජනය සිදුකළ බව බූස්ස බන්ධනාගාරය කියයි.