පුංචි පතන, හික්කඩුව යන ලිපිනය පදිංචිව සිටි හික්කඩුව මහාමයා බාලිකා විදනලයේ ඉගෙනුම ලබන එල්. රශ්මි
වේතනා සිල්වා සහ එල්. සිත්මි ප්‍රාර්ථනා සිල්වා (14) යන නිවුන් සොහොයුරින් පසුගිය 13දා සිට නිවසින් අතුරුදන්වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.

මේ දැරියන් දෙදෙනාගේ මවුපියන් නීත්‍යනුකූලව වෙන්වී පියා හික්කඩුව ප්‍රදේශයෙන් මව පන්නල, කැලණියමුල්ල ප්‍රදේශයේත් පදිංචිව සිටින අතර දැරියන් දෙදෙනා අතුරුදන් වන අවස්ථාවේ පදිංචිව සිට ඇත්තේ පියාගේ සොහොයුරා වන එල්.ඩී.ඒ. සිල්වා මහතාගේ නිවෙසේය. පෙරදීන රාත්‍රි දැරියන්
දෙදෙනාට ලොකු තාත්තා විසින් තරවටු කර ඇති බවත් ඒ හේතුවෙන් දරුවන් මෙසේ පිටව යන්නට ඇති බවත් පසුදා උදෑසන දෙදෙනා නිවෙසේ නොමැති බව දැනගත් පසු සිය සොහොයුරා සමඟ පොලිසිය දැනුවත් කර ඔවුන් ගමන් ගන්නා ලදැයි සිතන මාර්ගවල ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී කොළඹ දෙසට ගමන් ගත් බස් රථයකට නැඟ ඇති බව දැනගත් බවත් එහිදී තමාද බස් රථයකට නැගී කොළඹට පැමිණ ඔවුන් පිළිබඳ සොයා බැලූ බවත් අද වනතුරු සිය දැරියන් දෙදෙනා පිළිබඳ තොරතුරක් නොලද බවත් දැරියන්ගේ පියා කියයි. පසුව දැරියන් සිටි නිවසේ කාමරය පක්ෂා කිරීමේදී ඔවුන් විසින් අමිමාට ලියන ලද ලිපියක්ද හමුවූ බවත් එහි නිවසින් පිටව යන බව සඳහන් වූවත් යන ස්ථානයක් පිළිබඳව සඳහන් නොවූබවත් එම ලිපිය දැරියගේ මව ළඟ තිබෙන බවත් ඇගේ පියා වන එල්. නිලන්ත සිල්වා මහතා  වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මම දැරියන්දෙදෙනා ඉකුත් 13 දින අලුයම 3.00ට පමණ නිවෙසින් පිටව මාර්ගයේ ගමන් ගන්නා අයුරු නිවස ආසන්න ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබේ. අනතුරුව දැරියන් දෙදෙනා අලුයම 3.25 පමණ හික්කඩුව නගරයේ සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකට ගොඩවන අයුරුද ඒ අසල ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබේ. පසුව ඔවුන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට බස් නැවතුමෙන් බැස යන අයුරුද ඒ අසල කැමරාවක සටහන් වී ඇතැයි දැරියගේ මව වන සුනේත්‍රා දිසානායක මහත්මිය පැවැසුවාය.

එතැන් සිට මෙම දැරියන් දෙදෙනා පිළිබඳ
 තොරතුරක්  වේනම් අනාවරණය නොවන අතර මෙම දැරියන් දෙදෙනා පිළිබඳ තොරතුරක් වේ නම් ළගම පොලිසියට හෝ දුරකථන අංක 0764629270 හා 0761569269 ඔවුන්ගේ මවුපියන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිති.

වැලිවිටිය දිවිතුර - උපුල් මහේෂ්