ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඊයේ (17) 69 වැනි ජන්ම දිනය සැමරුවේ සිය උපන් ගම් පළාත වන ගුජරාටයේ සංචාරයක නියැලෙමිනි. අග්‍රාමාත්‍යවරයා ලොව විශාලතම ප්‍රතිමාව නැරැඹීමට ද අමතක නොකළේය.ලොව උසම ප්‍රතිමාව  ලෙස සැලකෙන්නේ ගුජරාටයේ ඉදි කළ ඒකීයත්වයේ ප්‍රතිමාවය.

මෙම ප්‍රතිමාව ඉන්දීය නිදහස් සටනේ
පුරෝගාමියකු මෙන්ම, ඉන්දියාවේ උසමපිළිමය පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද වූ සර්දාර් පටෙල්ගේ රුවින් නිර්මාණය කර ඇත. ප්‍රතිමාවේ උස මීටර් 182 කි.  පසුගිය වසරේ ඔක්තෝබර් 31 වැනිදා සර්දාර් පටෙල්ගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙම පිළිමය විවෘත
කෙරුණේද මෝදි අතිනි.

ගජරාට ප්‍රාන්තයට ගිය ගමනේ දී අගමැති මෝදි සිය මෑණියන් හමුවී ඇගේ ආශිර්වාදය ලබා ගැනීමට ද අමතක නොකළේය.  69 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අගමැති මෝදිට බොහෝ දෙනකුගෙන් සුබ පැතුම් හිමිවිය. ඒ. ට්විටර් පණිවුඩ ලෙසය.

පළමුවෙන් සුබ පැතුම් එක් කළ පිරිස අතර, යළිත් වරක් ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ නායිකාව බවට පත් වුණු සෝනියා ගන්ධී ද සිටී.කොංග්‍රස් නායිකා සෝනියා රායි ඉන්දීය අගමැති මෝදිට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කර ඇත.

ඊට අමතරව, සෝනියා ගාන්ධිගේ පුතු රාහුල් ගාන්ධි, ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී මහතා
බෙනර්ජි, දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් සහ බිහාර් ප්‍රාන්තයේ නිතිෂ් කුමාර් ඔවුනොවුන්ගේ දේශපාලන එදිරිවාදිකම් පසෙකලා අගමැති මෝදිට සුබ පැතුම් එක් කර ඇතැයි වාර්තා වේ.